කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

Showing posts with label beauty. Show all posts
Showing posts with label beauty. Show all posts

Sunday, 17 May 2020

තාත්තා.....





මහමෙරක් බර දැරූ
සමුදුරක් දුක් හිලූ
තත්පරක් නිදි නොවූ
සෙනෙහෙ උල්පත... තාත්තා.....

පුරාවට දිව රෑ
වගුරුවා දුක් කඳුළු
වෙහෙස නොදැනුනාදෝ 
නිසා නුඹෙ පොඩි දරුවන්

සිරව ඇති විට කප්පරක වැඩ
දැනුනත් නුහුලනා මහ වෙහෙස තද
කෙදිනවත් නැහැ නොවෙද ගත්තේ
තත්පරකවත් නැවතුමක්

නොහැරුනත් කිරට නුඹෙ ලේ
සෙනෙහසයි ළය පුරා දිව්වේ
කෙළවරක් නැති නොනිම්ස සරේ
නුඹෙ පුතුම වේවා උපදිනා හැම භවේ

නොදැන පර තෙරක් ලොවේ
වැටුනු හැම විටක මා කරදරේ
නොමැත කිසි දින ඉවත බැලුවේ
සැමදාම නුඹේ ඔය රන්දෑත දිගු කළේ

මෙතෙක් දුර එන්නට
දිරිය දුන්නා නුඹ
වැටුණු හැම විටම
සවිය වූවා නුඹ

සිනාසෙන්නට ඔවා දෙන්නට
නැත වෙනත් අය උගත් නුඹ ලෙස
වෙනද මෙන් මට සිනාසෙන්නට
සිතෙයි නුඹ හා වාද කරනට
රන්ඩු වෙන්නට තරහ වන්නට
එහෙත් අද නැත නුඹ මගේ ළඟ
තාත්තා.....




Saturday, 18 October 2014

සදාකාලික ලස්සන......










රනින් දිලුනත් මුදු සිනිඳු වත 
මනා නිම කල පිළිමයක් ලෙස
සේද පට පිලි වලින් සරසා
රූ සපුව නුඹේ තවත් ඔප කල

රනින් රිදියෙන් කරපු අභරණ
ගත දවටගෙන සර්ව පිත්තල
දිනෙන් දිනයට වෙනස් හැඩතල
වර්ණ සහ වැඩ දැමූ මෝස්‌තර

රටා මවමින් යනෙන මඟ නුඹ
හැරී බැලුවත් දකින හැම දෙන
ගස්සමින් නුඹ තවත් වෙර ගෙන
අඩි හත අටක් උඩින් පියමැන

දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම්
දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුව
උදම් වීමට කරුණක්ද එය?
පිට ඔපය ඩැහැ ගනියි කාලය

සියළු දේ අස්ථීර ලොව තුළ
ඔය රුවත් වෙයි තාවකාලික
මහළු වී වැහැරුණු පසුව රුව
කුමන දේකට උදම් වන්නද?

නැතත් හැම නෙත් බඳින හැඩරුව
චාම් ඇදුමෙන් සරසගෙන වත
ඇතොත් ලස්සන හදවතක් සොඳ
සදාකල් නුඹ තබයි ඔසවා
ලොවම සුන්දර කරන ගතිගුණ........