Saturday 18 October 2014

සදාකාලික ලස්සන......










රනින් දිලුනත් මුදු සිනිඳු වත 
මනා නිම කල පිළිමයක් ලෙස
සේද පට පිලි වලින් සරසා
රූ සපුව නුඹේ තවත් ඔප කල

රනින් රිදියෙන් කරපු අභරණ
ගත දවටගෙන සර්ව පිත්තල
දිනෙන් දිනයට වෙනස් හැඩතල
වර්ණ සහ වැඩ දැමූ මෝස්‌තර

රටා මවමින් යනෙන මඟ නුඹ
හැරී බැලුවත් දකින හැම දෙන
ගස්සමින් නුඹ තවත් වෙර ගෙන
අඩි හත අටක් උඩින් පියමැන

දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම්
දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුව
උදම් වීමට කරුණක්ද එය?
පිට ඔපය ඩැහැ ගනියි කාලය

සියළු දේ අස්ථීර ලොව තුළ
ඔය රුවත් වෙයි තාවකාලික
මහළු වී වැහැරුණු පසුව රුව
කුමන දේකට උදම් වන්නද?

නැතත් හැම නෙත් බඳින හැඩරුව
චාම් ඇදුමෙන් සරසගෙන වත
ඇතොත් ලස්සන හදවතක් සොඳ
සදාකල් නුඹ තබයි ඔසවා
ලොවම සුන්දර කරන ගතිගුණ........





12 comments:

  1. ලස්සනයි උපමා ටික.....කැඩපත....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නිහිංසා

      Delete
  2. ලස්සනයි , වචනයි අර්ථයයි දෙකම..

    ReplyDelete
  3. හොද අදහසක්

    ReplyDelete
  4. ඔහැක්පට්ට...
    ප්‍රින්ට් කරල කෙල්ලන්නෙ හොට්ටල් වල ගහන්න ්න

    ReplyDelete

  5. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
  6. කැඩපත දැනගත්තදාකට අහංකාර වෙයි.
    ලස්සන උපමා ටිකක් එක්ක කවි ටික.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දිනිති අක්කේ

      Delete