Friday 1 November 2013

නොගැළපීම





                         ඇගේ ලස්සන මුහුණ දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමට මම හුඟාක් ආශා කළෙමි.ඇගේ අතින් ඇල්ලීමට , ඇයව තුරුල් කරගෙන සිටීමට මා කෙතරම් ආශා කලාද?
                           ඇත්තටම ඇය කටකාරය , හිතුවක්කාරය , දඟකාරය ඒත් අහිංසකය.කතා කිරීමට පටන්ග්ත්විට නැවතීමක් නොමැත.ඇත්තටම ඇයගේ හුරතල් වඳන් අසා සිටීමට මම හුඟාක් ආශා කළෙමි.නමුත් හිත් පිත් නැති කාලය හැමදාම අපට හරස්වෙයි."හ්ම්ම් දැන් මම යන්නද? practicle එකකුත් තියනව enter කරන්න." ඇය පවසයි. "තව ටිකාක් ඉදල යන්නකො සුදූ මට ඔයාව ආයෙමත් දකින්න ලැබෙන්නෙ තව සතියකින්නෙ" මා පවසයි. "හ්ම්ම් හැබැයි තව ටික වෙලාවයි" සෑහෙන තරම් පෙරැත්ත කිරීමෙන් පසු ඇගේ ගමන විනාඩි පහකින් හෝ දහයකින් ප්‍රමාද කිරීමට මම සමත්වෙමි. නමුත් නැවතත් ඇය හඩනගන්නීය "දැන්නම් හොදටම හවස්වෙලා මං යන්නද?" තවත් පෙරැත්ත කිරීමෙන් පලක් නොවන බව දන්නා නිසා මම ඇයට යන්නට ඉඩ හරිමි. හවස් වී ඇත්නම් ඇයව බෝඩිමට ගෙනගොස් හැරලවමි.
                        ඇත්තටම ඇය හරි අපූරු පෙම්වතියකි. මටම ගැලපෙනවායි සිතුනු වාර ගණන අනන්තය. ඇය හමුවීම පිළිබඳ සතුටින් මා නික්ම ගියද හිතේ කොනක පුන්චි දුකක් නැතුවාම නොවේ. ඒ නැවතත් ඇයව හමුවීමට සිදු වන්නේ තවත් සතියකින් බව මම දන්නා නිසාවෙනි.  ගෙදර ගිය වෙලේ සිට නැවත ඇය හමුවන දවස එනතුරු මම ඇඟිලි ගනිමින් සිටින්නෙමි. 
                      
                        කෙතරම් ළඟපාත සිටියත් අපිට නිතර හමුවන්නට බැරි හැටි. විටක මගේ හිතට විශාල දුකක් දැනෙයි. ඇයට විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු බොහෝමය. මටද එය එසේමය. මට වැඩ නැතිදාට ඇයට වැඩය, ඇය නිදහස් දවසට මට වැඩය. ඇත්තටම මෙයනම් කිනම් පවක්ද? එය කෙසේ වෙතත් වැඩ නොමැති සතියක උවද ඇය සතියකට දෙවරක් ගෙන්වා ගැනීම බොහෝ දුෂ්කර කටයුත්තකි.ඇය හරි අමුතු ගැහණියකි.   "හම්බවෙනවා වැඩි උනාමත් එච්චර ගතියක් නෑ. "විටක ඇය එසේ පවසයි. ඇය තේරුම්ගැනීම ඉතා අපහසුය. ලොව ඇති අපහසුම කර්තව්‍යය නම් මිනිසුන් තේරුම් ගැනීම යැයි පෙර විසූ නුවණැත්තන් කියා ඇත. නමුත් ගැහැණුන් තෙරුම් ගැනීම  ඊටත් වඩා දුෂ්කරයැයි මට සිතේ.
                     විටෙක ඇය සිනාසෙයි , විටෙක ඇය හඬයි.නමුත් මේ දෙකටම ගැහැණියකට හේතුවක් අවශ්‍ය නොවේ. හදවත සිනාසෙද්දී පිටතට දුක පෙන්නුවේ නැතත් හදවත හඬද්දී පිටතින් සිනහවීමට ඔවුන් සමත්ය.
                    ඇත්තටම ඇය අපූරු ගැහැණියකි වෙනත් ගැහැනුන්ගේ නුසුදුසු විලාසිතා , විච්චූරණ වලට මම ආශා නොකරමි. කොටින්ම කිව්වොත් posh කෙල්ලන් හට මම ආස  නොකළෙමි.නමුත් ගැහැණියකගෙන් මා බලාපොරොත්තු වූ සරල බව , චාම් බව ,අහිංසක බව ඇය තුළ මනාවට දක්නට ලැබුණි. ඇත්තටම ඇය වැනි පෙම්වතියක් ලැබීමට මම කෙතරම් වාසනාවන්තදැයි මට අනන්තවත් සිතී ඇත.මා ඇයටද එය පවසා ඇත.ඒ හැමවිටම ඇගෙන් ලැබෙන්නේ "මාව ඔච්චර උඩින් තියන්න එපා" යන පිළිතුරයි.

                      ඇය සමඟ ගෙවූ කාලය ඉතාම සුන්දරය. මා ජීවත් වුණා යැයි මට දැනුනේ එම කාලය තුළය. ඇත්තටම එම කාලය මගේ ජීවිතයේ සුන්දරම කාලයයි.


                          නමුත් දැන් ඇය මා දමා බොහො දුර ගොස් ඇත. ඇගේ ලස්සන මුහුණ නැවතත් දැකීමට වරම් නැත. තව දුරටත් ඇය තුරුලු කරන් ආදර වඳන් තෙපලීමට මට නොහැකිය. ඇත්තටම දැන් එම කාලය සුන්දර අතීතයක්ම පමණකි. මෙ සියල්ලම මැදින් මට ඇසෙන්නේ ඇයගේ එකම වඳන් පෙළක් පමණි."අපි දෙන්න match වෙන් නෑ අනේ අපි මේක නවත්තමු." ඇත්තටම නොගැළපීම මෙතරම්ම කුරිරුද ?












70 comments:

  1. " ලොව ඇති අපහසුම කර්තව්‍යය නම් මිනිසුන් තේරුම් ගැනීම යැයි පෙර විසූ නුවණැත්තන් කියා ඇත. නමුත් ගැහැණුන් තෙරුම් ගැනීම ඊටත් වඩා දුෂ්කරයැයි මට සිතේ."
    සහතික ඇත්ත මිත්‍රයා... ඕව ඔහොම තමා බැදීම් ඇති වෙනවා නැතිවෙනව. සැලෙන්න එපා ජීවිත ගමන ඉස්සරහටම යන්න... ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා

      Delete
  2. meka kiyawaddi mata mathak wune mage kollawa..... :(

    ReplyDelete
    Replies
    1. Hmm ehema wenawathi godak aadara katha me wge tamai :(

      Delete
  3. ela machan.............sirawata supiri...............ubata lassanata liyanna puluwan....meka ube jeewithe aththakda nadda kiyanna man dan na athe....hamotama podu hoda prshnayak/kathwak meka athule thenawa...............

    ReplyDelete
    Replies
    1. Thank u machan.meka godak kollonta podu prashnayak

      Delete
    2. Boyslata witharak newei.. Oya prashnaya girls latath thiyenawa....hethuwak nathuwa ehema karanakota,....... aththatama ara kathawak thiyenawane... honda girls lata isallama hamba wenne adare gana nodanna ayawa... boyslatath ehemai.. ithin ita passe eyala hithanne thamange jiwitheta ilangata ena ayath e wage kiyala... palaweni para godak adare karala wishwasaya nathi wunama 2 weni para eyala 100% k adare karanne naha....palaweni sare wage.. hamotama palaweni sarema thamanta hamadatama godak adare karana kenek labenwanam................... kochchara jiwithe lassana weida,.....

      Delete
  4. ගොඩක් ආදර කතා වල අවසානය මේ වගේ බන්.උබේ ආදර කතාවටත් තිත තිබ්බේ මේ විදියටද බන්.....
    එහෙම උනේ නෑ කියල මන් හිතනවා.
    කොහොම උනත් උබට හොදට කතා ගොතන්න පුලුවන්.දිගටම කරගෙන යමු.

    Keep it up...................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අපි ඉස්සරහට තවත් මේ ගැන කථා කරමු

      Delete
  5. katawa liyapu vidiya elaz,keep it up bro (Y)

    ReplyDelete
  6. great work bro!! keep it up!!!!

    ReplyDelete
  7. (y)............! matath me wage ekak hadana kiyala ona...!

    ReplyDelete
  8. විටෙක ඇය සිනාසෙයි , විටෙක ඇය හඬයි.නමුත් මේ දෙකටම ගැහැණියකට හේතුවක් අවශ්‍ය නොවේ..මෙම ප්‍රකාශයට මා තරයේ එකඟ වෙමි.ගැහැනියක් තේරුම් ගැනීම ලොව දුෂ්කරම කාර්යය නොව කල නොහැකිම කාර්යය බැව් විටෙක මට සිතේ.ඔවුන් තෘප්තිමත් වන්නේ ඉතා සුළු කරුණකින් වුවද දබර වීමට කරුණු අවශ්‍ය නැත.ඒ නම් ලොව මවූ ආදරයේ සුන්දරත්වයි...විටෙක ආදරය යනු සෙනෙහසකි.විටෙක විරහවකි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරය අරුත් නැංවිය නොහේ.නමුත් වෙන්වීම යනු ආදරයක අවසානය නොව ආරම්භයක්ම පමණක් බැව් මෙහි ලා සඳහන් කිරීම උචිත බව මට හැගේ. කතාව නම් සුපිරි මචං..ඔබට ජය.

    ReplyDelete
  9. බොහොම ස්තූතියි මචං ඒත් නමුත් වෙන්වීම යනු ආදරයක අවසානය නොව ආරම්භයක්ම පමණක් බැව් මෙහි ලා සඳහන් කිරීම උචිත බව මට හැගේ. ගැන මට හරි හැටි අදහසක් නොමැත

    ReplyDelete
    Replies
    1. තමන් ආදරය කරන අයෙකු තමන් හැර යාම තම සිතෙහි උපන් ආදරය මිය යාමක් ලෙස අර්ථ දැක්විය නොහැක.එය එසේ වී නම් ඒ ආදරය හුදෙක් භෞතිකව උපන් ආදරයක් පමණි.ඒ ආදරය තුල කැටි වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වය හා රාගය පමණි....ආදරය යනු අයිති කර ගැනීමක් නොව සෑම විටම පරිත්‍යාගයකි.මගේ මේ අදහස පෘතග්ජන මනුෂ්‍යයාට කෙසේ බලපෑවද සැබෑ ආදරය යනු එයයි.

      Delete
    2. ඒක ඇත්ත මචං මමත් සම්පූර්ණයෙන්ම එකගයි ඒකට

      Delete
  10. You made me to remember my past....Really I know this memorable feelings...... But what to do machan.........

    MATA MAGE NOWANA MAGEMA ADARAYAK THIBUNA.........
    MAGEMA ADARAYAK THIBUNA....................

    ReplyDelete
  11. aadaraya yanu galapeemama nemei sahodaraya... ethana podi maayawak thiyenwa , karumeta ape asawalata eka penne bonda wela . hethuwa kollek aadaraya karanakota bokkenma danena de handa asa panapita thiyena hamadekama sundarathwayak dakinwa
    . eth gahaniyakata eka eka hangiimakta seema wechcha deyak pamanai. therumganna amaruwenne e hangeemama apiwa thawa thawath addarayen purawan handai
    balan giayama eka nemei wela thiyenne , . jeewithe me wage dewal wenne apita padamak ugannwanna wennathi. hithe thiyena bolanda kama eliyata awith ape pirimakama melek wenne e aadare kiyala hithena de handa wennathi. kiyanna nam katha godai ,.. eth hithanna ida thiyamu

    ReplyDelete
    Replies
    1. mamanam hithanne aadare kranna galapenna one naa mkda tamanta 100% gelapena kenek hoyana eka pulwan deyak newei.awashya wenne dennata denna hodin therum ganna eka.hodin therumgattanam nogalapeema echchara prashnayk wenne na.atthatama wenna onenam ekai.

      Delete
  12. maara sira mallii... (Y) (Y)

    ReplyDelete
  13. good job machan...Keep it up.

    ReplyDelete
  14. ගැලපීම නොගැලපීම කාසි වලින් කඩදාසි කොල වලින් මනින ලෝකෙක අපි ජීවත් වෙන්නෙ මල්ලී,කොච්චර අදහස් ගැලපුනත් දෙන්නෙක්ගේ, ඔය කාසි කොල දුටු විගස හිරු දුටු පිනි බිදු සේ ආදරයද වියැකී යාවී,මගේ නම් අදහස කෙනෙක් එහෙම කලා කියල දොස් පවරලා වැඩක් නෑ මොකද කාලයත් එක්ක ඔය දේ තේරුම්ගත්තම දැනෙන වේදනාව ඒ වගේ මිනිස්සු විදින්න ඕනේ,එත්කොට තේරෙයි සල්ලි නැතිදා සතුටින් හිටියේ නැති කෙනාට කවදාවත් සල්ලි ලැබුණු දාට සතුටින් ඉන්න බෑ කියලා,හිතින් පොශ් කෙල්ලෙක් හොයපන් ගතින් පොශ් නැති,දෙකෙන්ම පොශි අයනම් දැන් වද වෙලාලු :ඩී

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියෙ නමුත් මෙක තෙරුම් ගැනීමෙ ප්‍රශ්නයක්.ගැලපීම කියන දේ එක එක්කෙනා එක එක විදියට දකිනව ඒත් ඇත්ත කථාවනම් තමන්ට 100% ගැලපෙන කෙනෙක් කවදාවත් හොයන්න බෑ කියන එක

      Delete
  15. Lassanai machn... (y)

    ReplyDelete
  16. Great !! Most of true stories are like this. :)

    ReplyDelete
  17. mona reddakda ban. fun eke idapan ban. owata aul gannepa. uba kohoma qwath oya kiyana kellata wena crush ekak athi. owata ahuwennathuwa fun eke hitapan. hari welawata ubata ona eka labei. Jaya machan...!!!

    ReplyDelete
  18. i really read it today...it was amazing brother..what a brilliant talent you have..it is great..absolutely great..this brought me 2 years back to my life..no words to express..superb..keep it up bro..=D

    ReplyDelete
  19. පට්ට අදහසක් මචන්. මේක 1000% ක් ඇත්ත.. කිසිම වචනයක් බොරු නෑ මචන්.. සුබ පතනවා.. එල කිරි වැඩ කෑලි බලන්න මෙතන ක්ලික් කරන්න..

    ReplyDelete
  20. ඒ මගේ විසේකාර හුරුබුහුටි පෙම්වතියයි. මාගේ පුන්චි මායාකාරියයි...
    ඔබේ මෙ වචන් නෙතට කදුලු ගෙන්වා මචන්..ඇත්තටම එ සිතුවිලි , මගේ අතීතය සිහිපත් කරවනවා....මමත් දැන් ඔබේ රසිකයෙක් වී හමරයි...ඔබේ මෙ හැකියාව හරිම අපූරුයි මචන්...සුබ පතනවා මචන්...ඉස්සරටම යමූ...
    One day she will be understand u......time will solve everything ..never give up machan..she is your's..all da best machan...keep going and keep it up...

    ReplyDelete
    Replies
    1. thank u vry much machan,bt dnt get this serious,ලොව ස්ථීර වූ කිසි දෙයක් නැත, හැම දෙයක්ම තාවකාලිකය. දුක, සතුට, සිනහව ,කදුළ මෙන්ම මිනිසාද මොහොතින් මොහොත වෙනස් වෙයි.

      Delete
  21. y writers olwayz end der storiz vt a break up?

    ReplyDelete
  22. " වෙනස් වන ලෝකේ නොවෙනස් වන එකම දේ වෙනස්වීම පමණයි.. "
    මොන දේ වුනත් හොද නිර්මාණ ටිකක් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ

      Delete
  23. "Don't worry be happy." We all be with you forever. My best wishes for your future.........
    Chanaka

    ReplyDelete
  24. කතාව එල... ඇත්ත සිද්දියක්ද ??

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිද්දියක් තමයි ;)

      Delete
  25. patta machan super...

    ReplyDelete