ජීවිතයට බොහෝ දෙනා ඒවි
බොහෝ දෙනා යාවි
නමුත් එදා මෙදා තුර ......
නොවෙනස්ව නොවඩුව ලැබුණු
එකම ආදරය
ඔබෙන් ලද ආදරයයි
මා දයාඹර අම්මේ............
මේ පදවැල් ඔබ වෙනුවෙනි.........
අඳුරු මංපෙත් විවර කරමින්
පාර කිව මන හැම දිනේ......
දුගුණ ඇත්නම් එහැම දුරලා
සුගුණ මතුකළ මැන මගේ.....
උපදින්නටත් පෙර සිටන් මා කුස දරාගෙන ආදරෙන්
උතුම් කරුණා සිසිළ දුන්නා නුඹගේ කුස තුළ සිටියදිත් ....
කවා පොවමින් සවිය ඇත්තෙක් කළේ අපමණ සෙනෙහසින්
එහෙත් ඔබ මට ඕවා දුන්නේ උතුම් මිනිසෙක් වන ලෙසින්.....
කුසට අහරක් නැතත් ඔබහට
රසින් මගේ කුස පුරවමින් ....
එදා නුඹ නිති කඳුළු සැලුවේ
මගේ මුවට සිනහව දෙමින්.....
උතුම් කරුණා මෙත් උපේක්ඛා
මාහට පැළදු අනුහසින්...
නිවන් දක්නට තවත් පින් කීම
බුදු බව ලැබේවා මිදෙමින් දුකින්....
නොනිමි සසරේ රුදුරු කතරේ
මා සැරිසරනා හැම භවේ....
මගේ මව වී මග කියනු මැන
නිවන් දක්නා තෙක් ලොවේ...
අම්මා ගැන කියන්න වචන නෑ ...
ReplyDeleteඇත්තෙන්ම , කෙතරම් කීවද නිම කල නොහැකි ගුණ කඳ , අම්මා ...
Deleteඅම්ම ගැන කවි ටික ලස්සනට ලියවිලා....
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteඅපූරුයි.. අම්මා ගැන කොච්චර ලිවුවත් ඉතින් මදිනේ..
ReplyDeleteබොහෝම ස්තූතියි , ඔව් ඒක ඇත්ත
Deleteමේ ලෝකේ කවුරු නැතත් ලගින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා..
ReplyDeleteඅනිවා. අපිට ලැබෙන නොවෙනස් එකම ආදරය අම්මාගේ ආදරය විතරයි.
Delete:-)
ReplyDeleteපට්ට
ReplyDelete