Love








නොගැළපීම(Friday, 1 November 2013)

විටෙක ඇය සිනාසෙයි , විටෙක ඇය හඬයි.නමුත් මේ දෙකටම ගැහැණියකට හේතුවක් අවශ්‍ය නොවේ. හදවත සිනාසෙද්දී පිටතට දුක පෙන්නුවේ නැතත් හදවත හඬද්දී පිටතින් සිනහවීමට ඔවුන් සමත්ය.






මායාකාරී(Monday, 11 November 2013)


    සිතුවමක් වුවද වර්ණවත් වූ පමණින්ම ලස්සන නොවෙයි. එහි රේඛා , හැඩතල එක් වී ඇති ආකාරය ආකර්ෂණීයනම් කළු සුදු සිතුවමක් වුවද ඉතාමත් දැකුම්කළු වෙයි. ගැහැණියකට වුවද එය එසේමය. මතුපිටින් දකින ලස්සන පමණක් නොව , ඇයගේ අභ්‍යන්තර ලස්සනද ගැහැණියකගේ ආකර්ෂණීය භව කෙරෙහි කෙලින්ම බලපායි.

    ආදරය(Saturday, 16 November 2013)

        බාහිර ලස්සන වූ කලී හුදෙක් තාවකාලික දෙයක් පමණ්කි. එය අවුරුදු දහයකටත් වඩා අඩු කුඩා කාලයකට සීමා වන්නකි. අන් සියල්ලම මෙන්ම බාහිර ලස්සනද වෙනස්වෙයි ලස්සන අවලස්සන වීමට ගතවන්නේ ඉතා කුඩා කාලයකි.නමුත් අභ්‍යන්තර ලස්සන සදාකාලිකවෙයි. එය අපගේ ජීවිත කාලය පුරාම පවතින අතර කිසිදිනකත් මහළු නොවෙයි.

      තරෑ(Sunday, 1 December 2013)

      "හ්ම්ම්ම්...ඉතිං පැටියො අපි කවද්ද ආයෙම meet වෙන්නෙ?" "ම්ම්ම්.. next sunday ආයෙම meet වෙමු නේද?" "අනේ තරූ ඒකට තව සතියක් ඉන්න වෙනවනෙ අපි ඊට කලින් ආයෙ meet වෙමුකො." "අනේ දමිත, මට campus එකේ වැඩ ගොඩායි , ඒව ඉවරයක් කරගන්නත් ඕනනෙ.අපි next week meet වෙමු.අනික හැමදාම ඔයා මට call කරනවනෙ." "ඔයා දැන් වෙනද වගේ නෙවෙයි තරූ, campus ගියාට පස්සෙ හුඟාක් වෙනස් වෙලා." "අනේ දමිත, ඔන්න ඉතින් ආයෙම පටන්ගත්ත. හා දැන් මම campus එකේ වැඩ කරගන්න එපාද?"



      තරූ (දෙවන කොටස )(Monday, 9 December 2013)


      "ම්ම්ම්..... මං හිතල බලලා උත්තරයක් දෙන්නද දමිත ?" යන්නයි "හා හා කමක් නෑ තරූ ඔයාට කැමති කාලයක් අරන් හොදට හිතල බලල මට උත්තරයක් දෙන්නකො." 
      බොහෝමයක් ගැහැනු ළමුන් පිරිමි ළමයෙකු කෙරෙහි කෙතරම් කැමැත්තෙන් සිටියද , ඔහු විමසූ විගසම හා නොකියයි. මන්දයත් ඒ හැදිච්ච ගැහැණු ළමයෙක්ගේ ලක්ෂණයකැයි ඔවුන් තදින්ම විශ්වාස කරන නිසාවෙනි. තරූද එය එලෙසින්ම විශ්වාස කළාය. තමා සිතින් කෙතරම් දමිතට ආදරය කළද ඒ සියල්ලම යටපත් කරගෙන "මම හිතල බලන්නම්"යි කීවේ එම නිසාය.




      තරූ(තුන්වන කොටස )(Tuesday, 31 December 2013)



      "මට ABB ඔයාට කොහොමද?" "මට A 3 ක් තියනව සුදූ." "ෂා නියමයිනෙ ඔයාට එහෙනම් මොරටුවෙ යන්න පුළුවන් නේද දමිත?" "පුළුවන්නම් තමයි ඒ උනාට මම යන්නෙ නැහැ තරූ." "ඇයි ඒ ?" "මම යන්නෙ ඔයා යන campus එකට, මට ඔයා නැතුව ඉන්න බැහැ තරූ." "පිස්සු වැඩ කරන්න එපා ළමයො ඔයා කොච්චර මහන්සි උනාද ඔය result එක ගන්න.A තුනක් තිබිලත්මොරටුවෙ නොගිහින් ඉන්න?, මේ අහන්න දමිත, මම හැමදාම හීන දැක්කෙ අපි දෙන්න ඉංගිනියර්ස්ල වෙනව බලන්න,මට ඒක බැරි වෙනව තමයි ඒත් මම ආසයි ඔයා ඒ හීනෙ හැබෑ කරනවනම්." "අනේ මට බැහැ තරූ ඔයා නැතුව ඉන්න." කෙතරම් පෙරැත්ත කළද දමිතගේ හිත වෙනස් කරගැනීම එතරම්ම පහසු කාර්‍යයක් නොවීය.තරූ නැතිව මොහොතක්වත් සිටිය නොහැකි තරමට ඔහු තරූට ආදරය කළේය. නමුත් සෑහෙන කාළයක් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දමිතගේ විශ්වවිද්‍යාල ඉල්ලුම්පත්‍රයේ ඉංජිනේරු පාඨමාලාව ඉහළින් සටහන් කරගැනීමට තරූට හැකිවිය.


      තරූ (හතරවන කොටස )(Friday, 17 January 2014)

      තමාට හැකි සෑම අයුරකින්ම දිනිතිගේ වෙන්වීම නවතා ගැනීමට දිලුම් උත්සාහ කළේය. නමුත් එම කිසිම දෙයකින් පලක්නම් වූයේ නැත. කෙතරම් කළ නොහැකි කාර්‍යයක් වුවද ඇයගේ ජීවිතයෙන් ඈත්වීමට ඔහුට සිදුවිය. දිලුම් සමඟ කථාකිරීම පමණක් නොව ඔහුගේ sms වලට reply කිරීම පවා මේ වනවිට දිනිති විසින් නවතා තිබුණි. දිලුම්ට කරකියාගනීමට දෙයක් නොවීය , ඔහු සැබවින්ම අසරණවිය . ඔහුට මේ දුක දරාගැනීමට තරම් දැඩි හිතක් නොවීය. ඔහු මේ ප්‍රශ්නය හේතුවෙන් දැඩි මානසික පසුබෑමකට ලක්විය.



      තරූ(අවසාන කොටස )(Friday, 24 January 2014)


      තරූ හා දිලුම් එසේ පෙම්වතුන් බවට පත්වුවද දමිතටනම් තරූ හැර වෙනත් යුවතියක් දෙස බැලීමටවත් සිතක් නොතිබුණි. ඔහු තම අහිමි පෙම තුළම සිරවී වේදනා විඳින්නට විය. දමිතගේ මුළු ජීවිතයම වූයේ තරූය. ඔව් ඇත්තටම ඇය ඔහුගේ මුළු ලෝකයම විය. නමුත් තරූ ගන්නා ලද තීරණයෙහිද වැරැ ද්දක් කිව නොහැකිය. හැමදාමත් රණ්ඩුවෙමින් ආදරයක් පවත්වාගෙන යාමට හැකිද? සුදුසුම දේ අකමැත්තෙන් නමුත් එය නවතා දැමීමය. නමුත් දමිත තරූ නැති සොවින් දිවා රෑ වැළපුණේය. අධ්‍යාපන කටයුතු සියල්ලක්ම පාහේ අතපසුකරගත්තේය. ඔහුගේ ජීවිතයම අපායක් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවීය. ඔහු දිවා රෑ තරූ ගැන සිතමින් දුක්වුණේය.



      වැලන්ටයින් තෑග්ග(Thursday, 13 February 2014)

      "ඉතිං සුදූ , කොහොමද ඔයාට? මොකද කරන්නේ?" " ම්ම්ම්... මම හොඳින් අනේ මේ physics ටිකක් බලන්න ගත්තා , එපා වෙනවා අනේ මුකුත් තේරෙන්නේ නැහැනේ." "ඔව් අනේ මටත් එහෙමයි, එදා පංතියේ සර් කරපු කිසිම දෙයක් මට තේරුනේ නෑ . ඔක්කොම නිකන් ග්‍රීක් වගේ." "ඒක තමා මට මාර භයයි සුමුදු , ඒලේවලුත් එන්න එන්නම ලං වෙනවනේ ." "හ්ම්ම් මටත් ටිකක් භයනම් තමා , ඒත් ඉතිං භයවෙන්න එපා සුදූ , අපි කොහොමහරි ඔය බැරි පාඩම්ටික අල්ලගනිමු." "හ්ම්ම් ඒකතමයි මාත් බැලුවේ සඳුනිගෙන්වත් අහගන්න ඕන එයාට හොඳට physics පුළුවන් ." "ඔව් එයාගෙන් අහගන්න මාත් නිසලගෙන් ඔය ටික අහගන්නවා." "එකනෙවේ සුදූ , වැලන්ටයින් එකත් ළඟ ළඟම එනව නේද?" "හ්ම්ම් ඔව් ඉතිං මේ පෙබරවාරිනේ සුමුදු ." "හ්ම්ම් ඉතිං ඔයාට මොනාද එදාට මගෙන් ඕන?" "මට මුකුත් එපා අනේ ඔයාගේ ආදරේ තිබුනම හොඳටම ඇති." "එහෙම කියල බැහැනේ සුදූ , මේ අපි celebrate කරන පලවෙනි වැලන්ටයින් එකනේ ." "ම්ම්ම් අනේ මන්ද ඔයාට කැමති දෙයක් දෙන්න ඉතිං."

      0 comments:

      Post a Comment