Monday 11 November 2013

මායාකාරී






                       සිතුවමක් වුවද වර්ණවත් වූ පමණින්ම ලස්සන නොවෙයි. එහි රේඛා , හැඩතල එක් වී ඇති ආකාරය ආකර්ෂණීයනම් කළු සුදු සිතුවමක් වුවද ඉතාමත් දැකුම්කළු වෙයි. ගැහැණියකට වුවද එය එසේමය. මතුපිටින් දකින ලස්සන පමණක් නොව , ඇයගේ අභ්‍යන්තර ලස්සනද ගැහැණියකගේ ආකර්ෂණීය භව කෙරෙහි කෙලින්ම බලපායි.                                                     ඇයද මේ කියන්නාවූ  අභ්‍යන්තර හා බාහිර යන ලස්සන දෙකෙන්ම හෙබි තැනැත්තියක්යැයි මට සිතේ. ඇය හරිම හුරතල් විසේකාර පෙම්වතියකි. ඇය හමුවීම යනු මා සිනහ සාගරයක ගිලෙන අවස්ථාවකි. ඈ මා සතු කර ගැනීමට මා නොගත් උත්සාහයක් නැත. ඈ ජීවත් වූයේ මාගේ නගරයෙන් පැය කිහිපයක පමණ දුරය. එනිසා ඇය වෙනුවෙන් මට බොහෝ දුර ගමන් කිරීමට සිදු විය.

                            ඇය මට ප්‍රථමයෙන්ම හමු වූයේ සාමාන්‍යපෙළ විභාගයෙන් පසු ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරීමට ගිය අවස්ථවේදීය. දුටු පළමු දිනයේදීම මාගේ නෙත් සිත් පැහැරගැනීමට ඇය සමත් වූවාය. ඹ්නෑම කොල්ලෙක් එක් වරක් දුටු පමණින් නැවතත් හැරී බලන තරම් වූ අපූරු රූ සපුවක් ඇය සතු වූවාය. පංති ගිය කාළය තුළදී ඇයට යම් පමණකින් ලං වීමට මට හැකියාව ලැබුනද එය ආදරයකට පෙරලා ගැනීමට තරම් කාලය ප්‍රමාණවත් නොවුණි. කෙමෙන් කෙමෙන් ගෙවී ගිය කාළය අප දෙදෙනාටම උසස්පෙළ පන්තිය සඳහා ආරාධනා කරනු ලැබීය. ඇය ඒ සඳහා වාණිජ විෂය තෝරාගත් අතර මා තෝරාගත්තේ ගණිතයයි.

                                            
                                                       
                                                       නමුත් මගේ හිතේ උපන් ආදරය යටපත් කිරීමට හැකියාවක් මට නොවීය. පාසල් අඳුමින් සැරසී එන මම සමහර දින වලට බෑගයෙ දමාගෙන එන colour kit  එක අසළ පිහිටි යාළුවෙකුගේ ගෙදරට ගොස් මාරු කරගෙන හොරෙන්ම ඇය බැලීමට යන්නෙමි. කෙසේ හෝ සෑහේන කාළයක් උතසාහ කිරීමෙන් අනතුරුව ඇය මගේ කරගැනීමට මට හැකියාව ලැබුණි. ඇත්තටම ඇය මට කැමති වූ දිනය එදා මෙදා තුර ජීවිතයේ මා වැඩියෙන්ම සතුටු වූ දිනයයි. " මමත් ඔයාට ගොඩක් ආදරෙයි " ඒ මාගේ ජීවිතය තුළ අසා ඇති සුන්දරම වඳන් පෙළයි.
                                                      ඇය මගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙර්ලුවාදෝයි මට සිතේ. ඇය දුටු දින සිට මගේ සිතේ හටගත් ආදරය වැඩිවූවා මිස අඩුවක්නම් සිදු නොවුණි. ඇයගේ කටහඬ ඇසීමට , ඇය හමුවීමට , ඇයව දැකීමට මම බෙහෙවින් ආශා කළෙමි. කෙතරම් දුරින් සිටියද පුලුවන් හැමවිටකම ම්ම ඇය හමුවීමට ගියෙමි. ඇයත් සමඟ සිටින විට කාළය ගතවෙනු මට නොදැනෙයි. මාගේ ජීවිතයම ඇයගේ නෙත් දෙකෙහි නතර වෙතැයි මට සිතේ. මේ ලෙසින් මගේ සිත අතරමං කිරීමට ඇය මායාකාරියක්දෝයි මට සිතුණු වාර අනන්තය. ඇය තුරුලේ ගෙවුකාළය ඇත්තටම ඉතාම සුන්දර විය.

                                               
                                     හැකි හැම වෙලාවකදීම දුරකථනයෙන් හෝ ඇයව ඇමතීම මගේ සිරිත විය. ඇයට  sms  කිරීම මාගේ දෛනික රාජකාරියක් විය. ඇත්තටම මගේ සිතට සතුට ගෙනාවේ ඇයයි. ඔව් මට ජීවිතය කියා දුන්නේ ඇයයි. ඒ මගේ විසේකාර හුරුබුහුටි පෙම්වතියයි. මාගේ පුන්චි මායාකාරියයි. ආදරයේ ඇවෑමෙන් උසස් පෙළින් අප ඈත්වූවාදෝයි මට සිතේ. ඇත්තටම මට එය අවබෝධ වූයේ මා උසස්පෙළ අසමත් බව දැනගත් දිනයේය. මා පමණක් නොව ඇයද උසස්පෙළ විභාගය අසමත් වී තිබුණි. ඇත්තටම වරද ආදරයේද? නැත එසේ සිදුවිය නොහැක , දුරින් සිටි නිසා අප නිතර හමුවීමද සිදු නොවුනි. කොතැනක හෝ අපිට වැරදී ඇත්තේය.
                                                       අපි දෙදෙනාම නැවත උසස්පෙළ විභාගයට සූදානම් වීමු. නමුත් ඇය හා කථා කිරීමට හෝ sms කිරීමට මට අවකාශයක් නොතිබිණි. විභාගය අසමත්වීම හේතුවෙන් දුරකථනය රාජසන්තක වූ බව ඇය මට දන්වා තිබුණි. ඇය නැතිව මොහොතක්වත් ජීවත්විය නොහැකි වූ මට ඇය සමඟ දුරකථනයෙන හෝ කථා නොකර සිටීම කල නොහැක්කක් විය. මා එතරම්ම ඇයට ආදරය කළාය. නමුත් sms  එකකින් හෝ ඇයගේ සැපදුක් විමසීමට මට නොහැකි විය. ඉතාමත් අපහසුවෙන උවද මම ඒ කාළය ගෙවා දැමුවේ කෙසේ හෝ මෙවර උසස් පෙළ සමත්වෙමි යන අදිටනිණි.
                                                       ටික කළකට පසු ඇයගේ දුරකථනයට miss call එකක් දී බැලීමට මට සිතුණි. එය වැඩකරයි. මට දැනුනු සතුටෙහි නිම්හිම් නැතිවිය. එයින් නොනැවතුණු මම sms එකක්ද දමා බැලුවෙමි. "ඔව් අනේ class  යන්න ඕන නිසා අම්ම මට ඒක දුන්න , ඒත් අපි වෙනද වගේ text  නොකර ඉමු මේ පාර කොහොමහරි A/Ls කරගන්න ඕනනේ" ඇයගේ ඉල්ලීමට මට අකමැත්තෙන් උවද එකඟ වීමට සිදුවිය. කෙසේ වෙතත් ඇය පවසන්නේ ඇත්තය.
                                                       ටික කළකට පසු ඇයගේ නමින් account එකක් මට facebook  එකේ දැකගන්නට ලැබුණි. මා දන්නා තරමින් ඇයට facebook account එකක් නොතිබුණි. කෙසේ වෙතත් මම එයට   request එකක් දමා accept කරනලෙස දන්වා  ඇයට sms එකක්ද යැව්වෙමි. " මගේ boyfriend වැඩිය කැමති නෑ අනේ මම fb යනවට මන් එයාගෙන අහල accept කරන්නම්."ඇයගේ පිළිතුර විය. මෙය පුදුම ප්‍රශ්නයකි මගේම request එක accept කරන්න මගෙන්ම අහන්න ඕනද ? "හරි පැටියො මගෙන් ප්‍රශ්නයක් නෑ ඔයා  accept කරන්න"
"ඔයා නෙවෙයි අනේ මට වෙන  boyfriend කෙනෙක් ඉන්නව එයා ගැන අපේ ගෙදරිනුත් දන්නව." ඔව් ඇය සැබවින්ම මායාකාරියකි.



                                

                                     








41 comments:

  1. ඇය සැබවින්ම මායාකාරියකි. ඔබ ඇයගේ මායාවට අසු උනු එක් අයෙක් පමණි.

    ReplyDelete
  2. Nice writing style. Wishing U all the Very best.. (Y)

    ReplyDelete
  3. niyamai saho......... :)

    ReplyDelete
  4. respect ur gr8 ideas machan,nic & keep it up (y)

    ReplyDelete
  5. the story is sad....but this is awesome.... i read it 3 tymes... (y)

    ReplyDelete
  6. Yes machan I never think.....
    My heart was DIG DIG when I'm reading...
    Beginning of this story shows me some identity in me....
    Oh....My god......
    After some time I'm reading my own story.....
    No of others......
    This is my....My love.....My pure love.....Ever respected.......
    Tharindu.....
    I never think this will be like this......
    Thanks machan....Thank you very much...... Really thanks my friend......

    Yeah......This is her words...... Oh........
    Can't believe this.......

    NOIWASILLEN BALANA UN E WASANTHE AWE DANUI.....,
    MAWATHA MALIN PIRI GOSIN ,
    SEETHALA SULAGE WISIRI....,
    NUBATH LAGA UNNA NAM KIYA SITHUNA........
    MATA THURULU WEE UNUHUM WENNA THIBUNA......
    WASANTHE......
    E GANA DANNE NAAAAAA......................

    ReplyDelete
    Replies
    1. dont be sad machan everything will be fine

      Delete
    2. no need to thank machan this is wht I should do

      Delete
    3. හ්ම්ම් .. සමාජයෙ තවත් එක කතාවක් පමනයි මචං.. ඒ කතාව ඉවරයි.. අලුත් කතාවක් පටන් ගනින් . ජය!!

      Delete
  7. මචං ෆලෝවර් ගැජට් එක එල්ලහං ..

    dash board-layout- add a gadjet- more gadjet - fallowers

    මෙ ෆලොවෙර්ස් කියන්නෙ ජීප්ලස් ෆලඕවෙර්ස් නෙමෙ

    ReplyDelete

  8. Girl does not need to tell how she feels,
    Its written all over the way she behaves WHEN you are around...!

    Too many teenagers are worried about love and finding it...!
    But this isn't the time for it...

    For as much as I think...

    This is the time to find yourself...!
    WHO you really are & WHAT you want to be...!


    Don’t worry if you’re still single. Obviously there will be a one...

    &

    She will save for someone special...!

    Someone Special...!

    Like...YOU @Malaka...!

    ReplyDelete
  9. Mcn.................! vary nice.
    But this is not only short story.lot of boys have to hear this sadness word from their loving girls.
    Girls every time see money,properties.............and other treasure things.
    lot of girls do not consider truth loves.

    ReplyDelete
    Replies
    1. yp machn, nw money become the everything,
      mny girls leave their bfs when they meet a better one.
      Bt there are girls nt lyk that

      Delete
  10. "අදුරු අහසක රෑ කැටයම්
    සදකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සදවත් අද මා නම්..."

    ReplyDelete
    Replies
    1. නොනිමි කඳුලක පටලා හද
      අඳුර කිම සැඟවී දුරතෙර
      කිමද මහදද ඔබ වූ සඳ
      කිමද ඉකිබිද හද ඇත අද

      Delete
  11. nice 1 bro mostly thr my be "mayakariyan..."

    ReplyDelete
  12. Kp it up bro!!! life experiences always create the most heart touching stories. another one to prove dat. Gd luck :)

    ReplyDelete
    Replies
    1. Thnk U vry much.Yp Reality is better than Imagination

      Delete
  13. ඇත්ත..! අපි නොදන්නව වුනාට.. අපේ නොවෙන අයට - වෙන අය ඉන්නව...

    ReplyDelete
    Replies
    1. ඔව් අපි අපේම කරගත්තු අපේම අයටත් වෙන අය ඉදල තියනවා

      Delete
  14. හ්ම්ම්.... කොතනක හරි වැරදිලා. එක්කෝ ඔයාට එක්කෝ එයාට...

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර තැන වලදි අපි හරි කියල හිතන දේවල් වැරදි බව තේරෙනකොට ප්‍රමාද වැඩියි

      Delete
  15. මායව අඳුන ගන්න අපහසුයි
    පහසුවෙන් රැවටෙනවා
    ඒ තමයි ජීවිත වල හැටි
    Keep it up your writing

    ReplyDelete
    Replies
    1. thank u vry much
      මායාවට යට නොවී ඉන්න පුලුවන්නම් එදාට අපි දිනුම්

      Delete
  16. nice one Cadapatha (Y)

    ReplyDelete
  17. https://www.youtube.com/watch?feature=player_detailpage&v=kZRtnCkTLGs

    ReplyDelete
  18. මුල හරිය කියවද්දී හිතෙන දේවල් සේරම එක සැරේටම අන්තිමට වෙනස් වෙලානේ... ඔහොම කෙල්ලෝ නම් කොහොමත් වැඩක් නෑ.ඊට වැඩිය හොදයි නැති වෙච්ච එක.හැමදේම වෙන්නේ හොදටනේ.ලස්සනට ලියලා තියනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කු මල්ලි අද අපිට සමාජයේ හම්බවෙන ගොඩක් කෙල්ලෝ මේ වගේ තමයි. එත් හොද කෙල්ලොත් නැතුව නෙවෙයි.

      Delete