සිතුවමක් වුවද වර්ණවත් වූ පමණින්ම ලස්සන නොවෙයි. එහි රේඛා , හැඩතල එක් වී ඇති ආකාරය ආකර්ෂණීයනම් කළු සුදු සිතුවමක් වුවද ඉතාමත් දැකුම්කළු වෙයි. ගැහැණියකට වුවද එය එසේමය. මතුපිටින් දකින ලස්සන පමණක් නොව , ඇයගේ අභ්යන්තර ලස්සනද ගැහැණියකගේ ආකර්ෂණීය භව කෙරෙහි කෙලින්ම බලපායි. ඇයද මේ කියන්නාවූ අභ්යන්තර හා බාහිර යන ලස්සන දෙකෙන්ම හෙබි තැනැත්තියක්යැයි මට සිතේ. ඇය හරිම හුරතල් විසේකාර පෙම්වතියකි. ඇය හමුවීම යනු මා සිනහ සාගරයක ගිලෙන අවස්ථාවකි. ඈ මා සතු කර ගැනීමට මා නොගත් උත්සාහයක් නැත. ඈ ජීවත් වූයේ මාගේ නගරයෙන් පැය කිහිපයක පමණ දුරය. එනිසා ඇය වෙනුවෙන් මට බොහෝ දුර ගමන් කිරීමට සිදු විය.
ඇය මට ප්රථමයෙන්ම හමු වූයේ සාමාන්යපෙළ විභාගයෙන් පසු ඉංග්රීසි පාඨමාලාවක් හැදෑරීමට ගිය අවස්ථවේදීය. දුටු පළමු දිනයේදීම මාගේ නෙත් සිත් පැහැරගැනීමට ඇය සමත් වූවාය. ඹ්නෑම කොල්ලෙක් එක් වරක් දුටු පමණින් නැවතත් හැරී බලන තරම් වූ අපූරු රූ සපුවක් ඇය සතු වූවාය. පංති ගිය කාළය තුළදී ඇයට යම් පමණකින් ලං වීමට මට හැකියාව ලැබුනද එය ආදරයකට පෙරලා ගැනීමට තරම් කාලය ප්රමාණවත් නොවුණි. කෙමෙන් කෙමෙන් ගෙවී ගිය කාළය අප දෙදෙනාටම උසස්පෙළ පන්තිය සඳහා ආරාධනා කරනු ලැබීය. ඇය ඒ සඳහා වාණිජ විෂය තෝරාගත් අතර මා තෝරාගත්තේ ගණිතයයි.

නමුත් මගේ හිතේ උපන් ආදරය යටපත් කිරීමට හැකියාවක් මට නොවීය. පාසල් අඳුමින් සැරසී එන මම සමහර දින වලට බෑගයෙ දමාගෙන එන colour kit එක අසළ පිහිටි යාළුවෙකුගේ ගෙදරට ගොස් මාරු කරගෙන හොරෙන්ම ඇය බැලීමට යන්නෙමි. කෙසේ හෝ සෑහේන කාළයක් උතසාහ කිරීමෙන් අනතුරුව ඇය මගේ කරගැනීමට මට හැකියාව ලැබුණි. ඇත්තටම ඇය මට කැමති වූ දිනය එදා මෙදා තුර ජීවිතයේ මා වැඩියෙන්ම සතුටු වූ දිනයයි. " මමත් ඔයාට ගොඩක් ආදරෙයි " ඒ මාගේ ජීවිතය තුළ අසා ඇති සුන්දරම වඳන් පෙළයි.
ඇය මගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙර්ලුවාදෝයි මට සිතේ. ඇය දුටු දින සිට මගේ සිතේ හටගත් ආදරය වැඩිවූවා මිස අඩුවක්නම් සිදු නොවුණි. ඇයගේ කටහඬ ඇසීමට , ඇය හමුවීමට , ඇයව දැකීමට මම බෙහෙවින් ආශා කළෙමි. කෙතරම් දුරින් සිටියද පුලුවන් හැමවිටකම ම්ම ඇය හමුවීමට ගියෙමි. ඇයත් සමඟ සිටින විට කාළය ගතවෙනු මට නොදැනෙයි. මාගේ ජීවිතයම ඇයගේ නෙත් දෙකෙහි නතර වෙතැයි මට සිතේ. මේ ලෙසින් මගේ සිත අතරමං කිරීමට ඇය මායාකාරියක්දෝයි මට සිතුණු වාර අනන්තය. ඇය තුරුලේ ගෙවුකාළය ඇත්තටම ඉතාම සුන්දර විය.
හැකි හැම වෙලාවකදීම දුරකථනයෙන් හෝ ඇයව ඇමතීම මගේ සිරිත විය. ඇයට sms කිරීම මාගේ දෛනික රාජකාරියක් විය. ඇත්තටම මගේ සිතට සතුට ගෙනාවේ ඇයයි. ඔව් මට ජීවිතය කියා දුන්නේ ඇයයි. ඒ මගේ විසේකාර හුරුබුහුටි පෙම්වතියයි. මාගේ පුන්චි මායාකාරියයි. ආදරයේ ඇවෑමෙන් උසස් පෙළින් අප ඈත්වූවාදෝයි මට සිතේ. ඇත්තටම මට එය අවබෝධ වූයේ මා උසස්පෙළ අසමත් බව දැනගත් දිනයේය. මා පමණක් නොව ඇයද උසස්පෙළ විභාගය අසමත් වී තිබුණි. ඇත්තටම වරද ආදරයේද? නැත එසේ සිදුවිය නොහැක , දුරින් සිටි නිසා අප නිතර හමුවීමද සිදු නොවුනි. කොතැනක හෝ අපිට වැරදී ඇත්තේය.
අපි දෙදෙනාම නැවත උසස්පෙළ විභාගයට සූදානම් වීමු. නමුත් ඇය හා කථා කිරීමට හෝ sms කිරීමට මට අවකාශයක් නොතිබිණි. විභාගය අසමත්වීම හේතුවෙන් දුරකථනය රාජසන්තක වූ බව ඇය මට දන්වා තිබුණි. ඇය නැතිව මොහොතක්වත් ජීවත්විය නොහැකි වූ මට ඇය සමඟ දුරකථනයෙන හෝ කථා නොකර සිටීම කල නොහැක්කක් විය. මා එතරම්ම ඇයට ආදරය කළාය. නමුත් sms එකකින් හෝ ඇයගේ සැපදුක් විමසීමට මට නොහැකි විය. ඉතාමත් අපහසුවෙන උවද මම ඒ කාළය ගෙවා දැමුවේ කෙසේ හෝ මෙවර උසස් පෙළ සමත්වෙමි යන අදිටනිණි.
ටික කළකට පසු ඇයගේ දුරකථනයට miss call එකක් දී බැලීමට මට සිතුණි. එය වැඩකරයි. මට දැනුනු සතුටෙහි නිම්හිම් නැතිවිය. එයින් නොනැවතුණු මම sms එකක්ද දමා බැලුවෙමි. "ඔව් අනේ class යන්න ඕන නිසා අම්ම මට ඒක දුන්න , ඒත් අපි වෙනද වගේ text නොකර ඉමු මේ පාර කොහොමහරි A/Ls කරගන්න ඕනනේ" ඇයගේ ඉල්ලීමට මට අකමැත්තෙන් උවද එකඟ වීමට සිදුවිය. කෙසේ වෙතත් ඇය පවසන්නේ ඇත්තය.
ටික කළකට පසු ඇයගේ නමින් account එකක් මට facebook එකේ දැකගන්නට ලැබුණි. මා දන්නා තරමින් ඇයට facebook account එකක් නොතිබුණි. කෙසේ වෙතත් මම එයට request එකක් දමා accept කරනලෙස දන්වා ඇයට sms එකක්ද යැව්වෙමි. " මගේ boyfriend වැඩිය කැමති නෑ අනේ මම fb යනවට මන් එයාගෙන අහල accept කරන්නම්."ඇයගේ පිළිතුර විය. මෙය පුදුම ප්රශ්නයකි මගේම request එක accept කරන්න මගෙන්ම අහන්න ඕනද ? "හරි පැටියො මගෙන් ප්රශ්නයක් නෑ ඔයා accept කරන්න"
"ඔයා නෙවෙයි අනේ මට වෙන boyfriend කෙනෙක් ඉන්නව එයා ගැන අපේ ගෙදරිනුත් දන්නව." ඔව් ඇය සැබවින්ම මායාකාරියකි.

Follow on Instagram