ඇගේ ලස්සන මුහුණ දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමට මම හුඟාක් ආශා කළෙමි.ඇගේ අතින් ඇල්ලීමට , ඇයව තුරුල් කරගෙන සිටීමට මා කෙතරම් ආශා කලාද?
ඇත්තටම ඇය කටකාරය , හිතුවක්කාරය , දඟකාරය ඒත් අහිංසකය.කතා කිරීමට පටන්ග්ත්විට නැවතීමක් නොමැත.ඇත්තටම ඇයගේ හුරතල් වඳන් අසා සිටීමට මම හුඟාක් ආශා කළෙමි.නමුත් හිත් පිත් නැති කාලය හැමදාම අපට හරස්වෙයි."හ්ම්ම් දැන් මම යන්නද? practicle එකකුත් තියනව enter කරන්න." ඇය පවසයි. "තව ටිකාක් ඉදල යන්නකො සුදූ මට ඔයාව ආයෙමත් දකින්න ලැබෙන්නෙ තව සතියකින්නෙ" මා පවසයි. "හ්ම්ම් හැබැයි තව ටික වෙලාවයි" සෑහෙන තරම් පෙරැත්ත කිරීමෙන් පසු ඇගේ ගමන විනාඩි පහකින් හෝ දහයකින් ප්‍රමාද කිරීමට මම සමත්වෙමි. නමුත් නැවතත් ඇය හඩනගන්නීය "දැන්නම් හොදටම හවස්වෙලා මං යන්නද?" තවත් පෙරැත්ත කිරීමෙන් පලක් නොවන බව දන්නා නිසා මම ඇයට යන්නට ඉඩ හරිමි. හවස් වී ඇත්නම් ඇයව බෝඩිමට ගෙනගොස් හැරලවමි.
ඇත්තටම ඇය හරි අපූරු පෙම්වතියකි. මටම ගැලපෙනවායි සිතුනු වාර ගණන අනන්තය. ඇය හමුවීම පිළිබඳ සතුටින් මා නික්ම ගියද හිතේ කොනක පුන්චි දුකක් නැතුවාම නොවේ. ඒ නැවතත් ඇයව හමුවීමට සිදු වන්නේ තවත් සතියකින් බව මම දන්නා නිසාවෙනි. ගෙදර ගිය වෙලේ සිට නැවත ඇය හමුවන දවස එනතුරු මම ඇඟිලි ගනිමින් සිටින්නෙමි.
කෙතරම් ළඟපාත සිටියත් අපිට නිතර හමුවන්නට බැරි හැටි. විටක මගේ හිතට විශාල දුකක් දැනෙයි. ඇයට විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු බොහෝමය. මටද එය එසේමය. මට වැඩ නැතිදාට ඇයට වැඩය, ඇය නිදහස් දවසට මට වැඩය. ඇත්තටම මෙයනම් කිනම් පවක්ද? එය කෙසේ වෙතත් වැඩ නොමැති සතියක උවද ඇය සතියකට දෙවරක් ගෙන්වා ගැනීම බොහෝ දුෂ්කර කටයුත්තකි.ඇය හරි අමුතු ගැහණියකි. "හම්බවෙනවා වැඩි උනාමත් එච්චර ගතියක් නෑ. "විටක ඇය එසේ පවසයි. ඇය තේරුම්ගැනීම ඉතා අපහසුය. ලොව ඇති අපහසුම කර්තව්‍යය නම් මිනිසුන් තේරුම් ගැනීම යැයි පෙර විසූ නුවණැත්තන් කියා ඇත. නමුත් ගැහැණුන් තෙරුම් ගැනීම ඊටත් වඩා දුෂ්කරයැයි මට සිතේ.
විටෙක ඇය සිනාසෙයි , විටෙක ඇය හඬයි.නමුත් මේ දෙකටම ගැහැණියකට හේතුවක් අවශ්‍ය නොවේ. හදවත සිනාසෙද්දී පිටතට දුක පෙන්නුවේ නැතත් හදවත හඬද්දී පිටතින් සිනහවීමට ඔවුන් සමත්ය.
ඇත්තටම ඇය අපූරු ගැහැණියකි වෙනත් ගැහැනුන්ගේ නුසුදුසු විලාසිතා , විච්චූරණ වලට මම ආශා නොකරමි. කොටින්ම කිව්වොත් posh කෙල්ලන් හට මම ආස නොකළෙමි.නමුත් ගැහැණියකගෙන් මා බලාපොරොත්තු වූ සරල බව , චාම් බව ,අහිංසක බව ඇය තුළ මනාවට දක්නට ලැබුණි. ඇත්තටම ඇය වැනි පෙම්වතියක් ලැබීමට මම කෙතරම් වාසනාවන්තදැයි මට අනන්තවත් සිතී ඇත.මා ඇයටද එය පවසා ඇත.ඒ හැමවිටම ඇගෙන් ලැබෙන්නේ "මාව ඔච්චර උඩින් තියන්න එපා" යන පිළිතුරයි.

ඇය සමඟ ගෙවූ කාලය ඉතාම සුන්දරය. මා ජීවත් වුණා යැයි මට දැනුනේ එම කාලය තුළය. ඇත්තටම එම කාලය මගේ ජීවිතයේ සුන්දරම කාලයයි.
නමුත් දැන් ඇය මා දමා බොහො දුර ගොස් ඇත. ඇගේ ලස්සන මුහුණ නැවතත් දැකීමට වරම් නැත. තව දුරටත් ඇය තුරුලු කරන් ආදර වඳන් තෙපලීමට මට නොහැකිය. ඇත්තටම දැන් එම කාලය සුන්දර අතීතයක්ම පමණකි. මෙ සියල්ලම මැදින් මට ඇසෙන්නේ ඇයගේ එකම වඳන් පෙළක් පමණි."අපි දෙන්න match වෙන් නෑ අනේ අපි මේක නවත්තමු." ඇත්තටම නොගැළපීම මෙතරම්ම කුරිරුද ?




Follow on Instagram
