කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

12

Saturday, 18 October 2014

සදාකාලික ලස්සන......

රනින් දිලුනත් මුදු සිනිඳු වත  මනා නිම කල පිළිමයක් ලෙස සේද පට පිලි වලින් සරසා රූ සපුව නුඹේ තවත් ඔප කල රනින් රිදියෙන් කරපු අභරණ ගත දවටගෙන සර්ව පිත්තල දිනෙන් දිනයට වෙනස් හැඩතල වර්ණ සහ වැඩ දැමූ මෝස්‌තර රටා මවමින් යනෙන මඟ නුඹ හැරී බැලුවත් දකින හැම දෙන ගස්සමින් නුඹ තවත් වෙර ගෙන අඩි හත අටක් උඩින් පියමැන දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම් දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුව උදම් වීමට කරුණක්ද එය? පිට ඔපය ඩැහැ ගනියි කාලය සියළු දේ අස්ථීර...

Friday, 8 August 2014

අරුංගල්

                                            නිල්මිණීගේ නිවස  අසළ  මිනිස්සු  පිරී තිබෙනු දක්නට ලැබුණි. ගේ අසළ පොලිස් ජීප් රියක් නවතා තිබුණු අතර , පොලිස් නිලධාරීන් කිහිප පොලක් ගෙමිදුලෙහි සක්මන් කරනුද දක්නට ලැබුණි. කුමක් හෝ ලොකු දෙයක් සිදුවී ඇති බව ගුණපාලට පසක් විය. ගුණපාල අඩිය ඉක්මන් කරමින් නිල්මිණීගේ නිවස දෙසට පිය නගන්නට වූයේ...

Saturday, 7 June 2014

කණ්නාඩිය

"අඩෝ පැණියා , ඉක්මනට වරෙන් බන් ඔය මේකප් දැම්ම ඇති , ලෙක්චර්ස් යන්න පරක්කු වෙනවා. " "හරි හරි බන් පින්නා, පොඩ්ඩක් හිටපන්කෝ , මං මේ කොන්ඩේ පීරගන්නකන්." "කොන්ඩේ පස්සේ පීරගන්න පුළුවන් යකෝ , දැන් වරෙන්කො උදේට කන්නත් ඕන." "කෑම වගේද යකෝ කොන්ඩේ , පොඩ්ඩක් හිටපන්කෝ කන එකනම් ලෙක්චර් එක ඉවරවෙලත් කරන්න පුළුවන්නේ." "රෙද්ද , බඩගින්නේ ලෙක්චර්ස් යන්න බෑ යකෝ." "මොන මගුලක්ද යකෝ තොට කන බනේමනේ උඹේ බඩේ හිගන්නෙක්වත් ඉන්නවද?" "බඩේ හිගන්නෝ ඉන්න ඕනද යකෝ උදේට කන්න? කොහෙද තොට...

Wednesday, 14 May 2014

මිරිඟුව

වෙසක් දාට පායන හඳවෙනදට වඩා හරි එළියයි ඒ එළියෙන් කඩුපුල් මල්රන් පැළදුම් සේ බබළයි රන් පාටයි , මුදු සුවඳයි මද පවනේ මිහිර මවයිකඩුපුල්මල් සුවඳ හමනරන් පාට රන් දෙව්ලියක්සිත් අහසේ දඟ කරයි   නිල්මිණි නෙතු යුගට  ඇගේරන් සඳ කැළුමන් පැරදේදිමුතු දසන් පිරි සිනහව සලිත කරයි හද මාගේ සුදු මුහුණයි ඉඟි බිඟියයිමගේ දෑස වශී කරයිමෙතරම් ලස්සන කිසිදින කිසි මලෙකත් නැහැ දුටුවේ තාලෙට සැලෙනා ඇහිපියමගේ හිතට කථා කියයිබලා හිදින්නම් ඔබ දෙසකල්ප ගණන් වුවද ඉතිං ඔය බැල්මේ...

Sunday, 11 May 2014

අම්මා........

ජීවිතයට බොහෝ දෙනා ඒවි බොහෝ දෙනා යාවි  නමුත් එදා මෙදා තුර ...... නොවෙනස්ව නොවඩුව ලැබුණු එකම ආදරය ඔබෙන් ලද ආදරයයි මා දයාඹර අම්මේ............ මේ පදවැල් ඔබ වෙනුවෙනි......... අඳුරු මංපෙත් විවර කරමින් පාර කිව මන හැම දිනේ...... දුගුණ ඇත්නම් එහැම දුරලා  සුගුණ මතුකළ මැන මගේ..... උපදින්නටත් පෙර සිටන් මා කුස දරාගෙන ආදරෙන් උතුම් කරුණා සිසිළ දුන්නා නුඹගේ කුස තුළ සිටියදිත් .... කවා පොවමින් සවිය ඇත්තෙක් කළේ අපමණ සෙනෙහසින් එහෙත් ඔබ මට ඕවා දුන්නේ...

Sunday, 20 April 2014

මලක අරුම

විසිරි අතු අග - හිරුට නොපෙනෙන සැඟව සුපිපුණු - මලක් වේනම් සිනිදු මල දැක - කලල් බිඟු කැලරොන් උරන්නට - පොර බඳියි නම්  තටුද ගැලවී - බලය වියැකුණු දුබල බඹරෙක් - මල දකියිනම් ඉතිං පල කීම - එයට පෙම් බැඳරොන් උරනු කෙලෙසද?කිසිදා ලංවිය නොහැකි මලකින්  දුබල බඹරුන් - මල දකිනමුත් එමල සිඹිනට - නොහැක කිසිදාපොර බදින්නේ - කෙලෙසින්ද ඔහුසවිය බල ඇති - සවිමත් බිඟුන් හා  සවිය ඇත්තා - දිනයි සැමදාසිපගනියි මල - රොන් ගනියි ඔහුඑම මලින්...

Tuesday, 8 April 2014

ලෝක කුසලානය හා මාලිංග

                        වසර දහඅටකට පසුව යළිත් වරක් ලෝක කුසලානයක් සියරට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.වසර ගණනාවක් තිස්සේම ප්‍රතිවාදීන් සලිත කරවූ ලොව අංක එකේ ක්‍රිකට් කණ්ඩායමක් ලෙස තම ස්ථානය රැකගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිව් වතාවක්ම ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබුවද කුමක් හෝ අවාසනාවක් නිසා එම කුසළාන හතරම අප අතින් ගිලිහී ගියේය.මෙවරත් පස්වන වතාවටත් ලෝක කුසළාන...

Saturday, 5 April 2014

උස පෙම්වතුන් කෙරෙහි තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි?

             බොහෝමයක් තරුණියන්  වඩාත් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. මෙය විවිධ අය විවිධ ලෙස නිර්වචනය කරන අතර එයට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.නමුත් තරුණියන් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ කුමක් නිසාදැයි යන්නට නිශ්චිත හේතුවක් ගෙනහැරපෑමට නොහැක. පහත දැක්වෙන්නේ ටිකක් උසින් අඩු තරුණ වියේ පසුවන ගැහැණු ළමයෙක් මේ පිලිබඳ දක්වා ඇති අදහස් කිහිපයකි.          ...

Friday, 21 March 2014

සිහින වලට තටු ඇවිදින්

සයුරු රැල්ල එතෙර නොවන ක්‍ෂිතිජ ඉමෙන් එහා දිනෙක ආසයි මට පියනගන්න හිරු අසළින් ඔබත් එක්ක රාස්සිගේ අව්ව වැදී රත්පැහැ උන පුළින තලා මතින් යන්න ආසයි මං ඔබත් එක්ක තුරුළු වෙලා සඳ කැන් මැද හිරුට හොරෙන් කඩුපුල් මල් සුවඳ සොයා අත් අල්ලන් ඉගිල්ලෙන්න නුඹත් එක්ක සතුට සොයා හිරු සඳු තරූ වලට හොරෙන් නුඹ එනවිට සිහින මැදින් සිනහ මලක් අරන් එන්න මතක පිරුණු පියවි ලොවින් ඉහ ඉද්දර සිනාසෙමින් නුඹ සිටි විට මගේ ළඟින් කියන් එපා අවදි වෙන්න සිහින වලට තටු ඇවිදින් (function(d,...

Sunday, 16 March 2014

ඒ කාලේ

                                                   සුපුරුදු පරිදි ආගමික වතාවත් වලින් අනතුරුව පාසළ ආරම්භ කිරීම සඳහා සීනුව නාද විය. නියමිත ස්ථාන වලින් අසුන්ගත් අපි ගුරුතුමා නම් ලකුණු කරනතෙක් බලා සිටියෙමු. නම් ලකුණු කිරීම හා බැදුණු බොහෝ සුන්දර සිදුවීම් මගේ පාසල් ජීවිතය තුළ පවතී.මමත් දමිතත් හොඳම යහළුවන් වූ නිසාදෝ අප දෙදෙනා...

Saturday, 1 March 2014

කතිර යුද්ධය

කව්ද කෙනෙක් එළියේ ඉදන් තට්ටු කරනු ඇසුනි දොරට ටක් ටක් ටක් ගෙදර කව්ද? බල්ලා එහෙම බැඳලා නේද? ඇරලා දොර බැලුවයි මම කිහිප දෙනෙක් සිටිති පිටත බල්ලා තාම තනිකඩයිනේ බැල්ලියෝ ඉන්නවද දන්න? ආයුබෝවන් මහත්තයෝ කොහොමද දැන් සැප සනීප? බැල්ලියෝනම් නෑ අපි ළඟ ආවේ ඔහෙලා බලලා යන්න අනේ අයියේ අඳුරගන්න බැරුව ගියා නොවැ ඔහෙලව මං අහන්නේ හිරු FM සල්ලි මල්ල ගෙනාවාද? නෑ නෑ මල්ලියේ අපිනම් හිරු FM නෙවෙයි ඔන්න වැරදීමක් වෙලා වගේ බැරිද අපිව අඳුරගන්න අනේ අයියේ සමාවෙන්න ශ්‍රී...

Friday, 21 February 2014

පට්ට කෑල්ල

"අම්මටසිරි අද බස්වල පට්ට සෙනගනේ බන් seat එකක්නම් ලබෙනෙකක් නෑ ලොවෙත්." "යකෝ උබ නිකං අද බස්වල සෙනග කියන්නේ වෙනදට සෙනග නෑ වගේනේ , කොහොමත් ඔෆිස් ටයිම් වලට මේ බස්වල සෙනඟ තමයි." "ආහ ඔව් නේ බන් මේ බස්වල කවදත් සෙනන්ගනේ  , ඔන්න ඕකේ සෙනඟ අඩුයි වගේ නැගපන් නැගපන්."    කඩිමුඩියේ බස්රථයට නැගගත් අපි පිටුපස ආසනයේ ඉඩ තිබූ බැවින් එහි වාඩි වීමු. "මල්පෙතිවල  පාට ගෑවේ ඇයි සියුමැළි දෙතොලේ......., දෙතොලේ විතරක් නෙවෙයි දැන් මුන් පාට නොගාන...