කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

12

Sunday, 17 May 2020

තාත්තා.....

මහමෙරක් බර දැරූ සමුදුරක් දුක් හිලූ තත්පරක් නිදි නොවූ සෙනෙහෙ උල්පත... තාත්තා..... පුරාවට දිව රෑ වගුරුවා දුක් කඳුළු වෙහෙස නොදැනුනාදෝ  නිසා නුඹෙ පොඩි දරුවන් සිරව ඇති විට කප්පරක වැඩ දැනුනත් නුහුලනා මහ වෙහෙස තද කෙදිනවත් නැහැ නොවෙද ගත්තේ තත්පරකවත් නැවතුමක් නොහැරුනත් කිරට නුඹෙ ලේ සෙනෙහසයි ළය පුරා දිව්වේ කෙළවරක් නැති නොනිම්ස සරේ නුඹෙ පුතුම වේවා උපදිනා හැම භවේ නොදැන පර තෙරක් ලොවේ වැටුනු හැම විටක මා...

Sunday, 26 April 2020

මිරිඟුව

විසල් තුරු හිස ඉහළ අතු අග ඉතා ඉහළින් සුපිපි මල් ඇත නෙක සුගන්ඳෙන නිමල පැහැයෙන සිනිඳු සුකුමල වේ අලංකෘත දහක් මල් ඇත අවට සුපිපුන නොවේ කිසිවක් මෙලෙස ලස්සන පහල පිපි මල් යාය අතහැර බඹර කැල රොද බඳිති මෙයටම කොතෙක් ආශා හිතේ පිරුනත් අනෙක් මල් හැර මෙයම පැතුවත් නෙළාගන්නට නොහැක එතරම් පහසු වන්නේ ඉහළ පිපි මල් (function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s);...

Saturday, 21 March 2015

විසිරුණු අරුමැසි

වෙලාවක් නැති නිසාදෝ කලාවක් ලෙසද කොහෙදෝ හරි හැඩයි මං සිතාදෝ නොබදිති කොන්ඩේ කෙල්ලෝ...... යන එන අතර බසයේ හිඳගති ළඟම අසුනේ මායිම් නොමැති කොන්ඩේ සැණෙකින් මාගේ මුහුණේ..... සොලවා හෙමින් මුවගේ හදමින් අතින් හිසකේ ගස්සා බලයි මදෙසේ මං අවුල් කල විලසේ ඇගේ කීකරු කොන්ඩේ..... බදීනම් හොඳට කොන්ඩේ නැතුව නොවේද ඔය වදේ ගැනුමට කොන්ඩ පටියක් හිතුනා දෙන්න සල්ලි............. (function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if...

Friday, 6 March 2015

මිතුදම....

සදාකාලික මිතුරුදම් ගැන අරුත් පහදන                          සමහරුන්කලණ මිතුදම් කෙසේ රකිනුද නමද  අමතක වෙයි              සැණින්කිසිදිනෙක අමතක නොවෙයි මිතුදම වෙනස් නොව මතු කිසි  දිනේකියපු අය හටමය මතක නැති කොහේදැයි සොයනෙමි           ඔවුන් ඉසුර ඇති කල බොහෝ දෙන ඇත සතුට සිනහව වට            ...

Monday, 9 February 2015

හමුවීම

                                               ඇය මා හට කෙතරම් ළං වුවත්   තාමත්  මට  ආදරේ  යැයි  කියා නැත. මමද  ඇයගෙන්  ඒ පිළිබඳව  විමසීමට  බියෙන් පසුවෙමි. මන්දයත්  කෙලෙසින්  හෝ ඇය මට අකමැති  වුවහොත් ඇයගේ  ආදරය පමණත් නොව මිතුරුකමද  මට අහිමිවන නිසාවෙනි. කැමැත්ත...

Saturday, 18 October 2014

සදාකාලික ලස්සන......

රනින් දිලුනත් මුදු සිනිඳු වත  මනා නිම කල පිළිමයක් ලෙස සේද පට පිලි වලින් සරසා රූ සපුව නුඹේ තවත් ඔප කල රනින් රිදියෙන් කරපු අභරණ ගත දවටගෙන සර්ව පිත්තල දිනෙන් දිනයට වෙනස් හැඩතල වර්ණ සහ වැඩ දැමූ මෝස්‌තර රටා මවමින් යනෙන මඟ නුඹ හැරී බැලුවත් දකින හැම දෙන ගස්සමින් නුඹ තවත් වෙර ගෙන අඩි හත අටක් උඩින් පියමැන දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම් දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුව උදම් වීමට කරුණක්ද එය? පිට ඔපය ඩැහැ ගනියි කාලය සියළු දේ අස්ථීර...

Friday, 8 August 2014

අරුංගල්

                                            නිල්මිණීගේ නිවස  අසළ  මිනිස්සු  පිරී තිබෙනු දක්නට ලැබුණි. ගේ අසළ පොලිස් ජීප් රියක් නවතා තිබුණු අතර , පොලිස් නිලධාරීන් කිහිප පොලක් ගෙමිදුලෙහි සක්මන් කරනුද දක්නට ලැබුණි. කුමක් හෝ ලොකු දෙයක් සිදුවී ඇති බව ගුණපාලට පසක් විය. ගුණපාල අඩිය ඉක්මන් කරමින් නිල්මිණීගේ නිවස දෙසට පිය නගන්නට වූයේ...

Saturday, 7 June 2014

කණ්නාඩිය

"අඩෝ පැණියා , ඉක්මනට වරෙන් බන් ඔය මේකප් දැම්ම ඇති , ලෙක්චර්ස් යන්න පරක්කු වෙනවා. " "හරි හරි බන් පින්නා, පොඩ්ඩක් හිටපන්කෝ , මං මේ කොන්ඩේ පීරගන්නකන්." "කොන්ඩේ පස්සේ පීරගන්න පුළුවන් යකෝ , දැන් වරෙන්කො උදේට කන්නත් ඕන." "කෑම වගේද යකෝ කොන්ඩේ , පොඩ්ඩක් හිටපන්කෝ කන එකනම් ලෙක්චර් එක ඉවරවෙලත් කරන්න පුළුවන්නේ." "රෙද්ද , බඩගින්නේ ලෙක්චර්ස් යන්න බෑ යකෝ." "මොන මගුලක්ද යකෝ තොට කන බනේමනේ උඹේ බඩේ හිගන්නෙක්වත් ඉන්නවද?" "බඩේ හිගන්නෝ ඉන්න ඕනද යකෝ උදේට කන්න? කොහෙද තොට...

Wednesday, 14 May 2014

මිරිඟුව

වෙසක් දාට පායන හඳවෙනදට වඩා හරි එළියයි ඒ එළියෙන් කඩුපුල් මල්රන් පැළදුම් සේ බබළයි රන් පාටයි , මුදු සුවඳයි මද පවනේ මිහිර මවයිකඩුපුල්මල් සුවඳ හමනරන් පාට රන් දෙව්ලියක්සිත් අහසේ දඟ කරයි   නිල්මිණි නෙතු යුගට  ඇගේරන් සඳ කැළුමන් පැරදේදිමුතු දසන් පිරි සිනහව සලිත කරයි හද මාගේ සුදු මුහුණයි ඉඟි බිඟියයිමගේ දෑස වශී කරයිමෙතරම් ලස්සන කිසිදින කිසි මලෙකත් නැහැ දුටුවේ තාලෙට සැලෙනා ඇහිපියමගේ හිතට කථා කියයිබලා හිදින්නම් ඔබ දෙසකල්ප ගණන් වුවද ඉතිං ඔය බැල්මේ...

Sunday, 11 May 2014

අම්මා........

ජීවිතයට බොහෝ දෙනා ඒවි බොහෝ දෙනා යාවි  නමුත් එදා මෙදා තුර ...... නොවෙනස්ව නොවඩුව ලැබුණු එකම ආදරය ඔබෙන් ලද ආදරයයි මා දයාඹර අම්මේ............ මේ පදවැල් ඔබ වෙනුවෙනි......... අඳුරු මංපෙත් විවර කරමින් පාර කිව මන හැම දිනේ...... දුගුණ ඇත්නම් එහැම දුරලා  සුගුණ මතුකළ මැන මගේ..... උපදින්නටත් පෙර සිටන් මා කුස දරාගෙන ආදරෙන් උතුම් කරුණා සිසිළ දුන්නා නුඹගේ කුස තුළ සිටියදිත් .... කවා පොවමින් සවිය ඇත්තෙක් කළේ අපමණ සෙනෙහසින් එහෙත් ඔබ මට ඕවා දුන්නේ...