මහමෙරක් බර දැරූ
සමුදුරක් දුක් හිලූ
තත්පරක් නිදි නොවූ
සෙනෙහෙ උල්පත... තාත්තා.....
පුරාවට දිව රෑ
වගුරුවා දුක් කඳුළු
වෙහෙස නොදැනුනාදෝ
නිසා නුඹෙ පොඩි දරුවන්
සිරව ඇති විට කප්පරක වැඩ
දැනුනත් නුහුලනා මහ වෙහෙස තද
කෙදිනවත් නැහැ නොවෙද ගත්තේ
තත්පරකවත් නැවතුමක්
නොහැරුනත් කිරට නුඹෙ ලේ
සෙනෙහසයි ළය පුරා දිව්වේ
කෙළවරක් නැති නොනිම්ස සරේ
නුඹෙ පුතුම වේවා උපදිනා හැම භවේ
නොදැන පර තෙරක් ලොවේ
වැටුනු හැම විටක මා කරදරේ
නොමැත කිසි දින ඉවත බැලුවේ
සැමදාම නුඹේ ඔය රන්දෑත දිගු කළේ
මෙතෙක් දුර එන්නට
දිරිය දුන්නා නුඹ
වැටුණු හැම විටම
සවිය වූවා නුඹ
සිනාසෙන්නට ඔවා දෙන්නට
නැත වෙනත් අය උගත් නුඹ ලෙස
වෙනද මෙන් මට සිනාසෙන්නට
සිතෙයි නුඹ හා වාද කරනට
රන්ඩු වෙන්නට තරහ වන්නට
එහෙත් අද නැත නුඹ මගේ ළඟ
තාත්තා.....




Follow on Instagram
