විසල් තුරු හිස
ඉහළ අතු අග
ඉතා ඉහළින්
සුපිපි මල් ඇත
නෙක සුගන්ඳෙන
නිමල පැහැයෙන
සිනිඳු සුකුමල
වේ අලංකෘත
දහක් මල් ඇත අවට සුපිපුන
නොවේ කිසිවක් මෙලෙස ලස්සන
පහල පිපි මල් යාය අතහැර
බඹර කැල රොද බඳිති මෙයටම
කොතෙක් ආශා හිතේ පිරුනත්
අනෙක් මල් හැර මෙයම පැතුවත්
නෙළාගන්නට නොහැක එතරම්
පහසු වන්නේ ඉහළ පිපි මල්


Follow on Instagram

මරු
ReplyDelete