Saturday, 21 March 2015
විසිරුණු අරුමැසි
07:34
5 comments
වෙලාවක් නැති නිසාදෝ
කලාවක් ලෙසද කොහෙදෝ
හරි හැඩයි මං සිතාදෝ
නොබදිති කොන්ඩේ කෙල්ලෝ......
යන එන අතර බසයේ
හිඳගති ළඟම අසුනේ
මායිම් නොමැති කොන්ඩේ
සැණෙකින් මාගේ මුහුණේ.....
සොලවා හෙමින් මුවගේ
හදමින් අතින් හිසකේ
ගස්සා බලයි මදෙසේ
මං අවුල් කල විලසේ
ඇගේ කීකරු කොන්ඩේ.....
බදීනම් හොඳට කොන්ඩේ
නැතුව නොවේද ඔය වදේ
ගැනුමට කොන්ඩ පටියක්
හිතුනා දෙන්න සල්ලි.............
.jpg)

Follow on Instagram

කීයක් හරි දීලා අවවාදයක් කරන්න තිබුනේ
ReplyDeleteඒක තමයි ඔය වගේ දේවල් වලට නැහැනේ දඩ ගහන්නේ
Deleteහෙහ් හෙහ්, මම නම් ආසයි කෙල්ලන්ගේ කොණ්ඩේ එහෙම තියෙනවට.. හැබැයි බස් වලදි ඇරෙන්න...
ReplyDeleteලස්සනනම් තමයි එත් ඉතිං කටේ කෙහි මැල්ලුම් යන්න ගත්තම කොහොමද තියන වදේ
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeletehttp://ahasgawwenehalokaya.blogspot.com