සදාකාලික මිතුරුදම් ගැන අරුත් පහදන සමහරුන්
කලණ මිතුදම් කෙසේ රකිනුද නමද අමතක වෙයි සැණින්
කිසිදිනෙක අමතක නොවෙයි මිතුදම වෙනස් නොව මතු කිසි දිනේ
කියපු අය හටමය මතක නැති කොහේදැයි සොයනෙමි ඔවුන්
ඉසුර ඇති කල බොහෝ දෙන ඇත සතුට සිනහව වට කරන්
එම සියළු දෙන දුකට නැති කීම ඉතිරි වෙති ඉන් අල්පයක්
මෙලොව නොවෙනස් එකම දෙයනම් වෙනස් වීමම නිසාවෙන්
බොහෝ දෙන වෙයි වෙනස් සැමකල් අමතක කරති මිතුරන් සැණින්
විටක පැණිරස වේවි නීරස
වෙනස් වෙයි සැම නොසිතු සේ
සුවඳ මල් ළඟ පිරෙති බඹරුද
සුවඳ නැති කල තනිකමින්
මිතුදමට ලොව ඇත්ද සීමා
නීති හා බාධා ලෙසින්
නොමැත සීමා සත්‍ය මිතුදම
අනන්තය වෙත යයි තුටින්
සතුට දුක ළඟ ඇති එකම ලෙස
සයුරු රළ වෙත වෙරළ මෙන්
සදා නොමියෙන කලණ මිතුදම
මං කියයි නැවකට රුවල මෙන්
බොහෝ දෙනා අපේ ජීවිත වලට එති. බොහෝ දෙනා අපේ ජීවිත වලින් යති. නමුත් ළඟක සිටියද, දුරක සිටියද, සැබෑ මිතුරන් අපව අමතක නොකරති. ඔවුන්ගේ හදවත් තුළ අප සිටියි නම් නිබඳ අප ගැන සොයා බලති.


Follow on Instagram

ඔව් ඔව්.. ඒක ඇත්ත.. කවි වල එළිසමය නං ටිකක් අවුල්
ReplyDeleteබොහොම ස්තූතියි. එළිසමය ගැන වැඩි සැලකීමක් කලේ නෑ . නිසදෙස් ආරෙකට ගිය කවි පන්තියක් ලියන්න තමයි උත්සාහ කලේ
Deleteඅගේ අැති කවි පෙළක් තරිදු................ හැකි හැම වෙලාවක ම කවි පද ගොතමු.......... ජයවේවෙ
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteමිතුදම් සදාකාලිකයි
ReplyDeleteඇත්ත
Deleteඇත්තම කියල තියනවා
ReplyDeleteබොහොම ස්තූතියි
DeleteFriends Forever!!!
ReplyDeleteyup true
Deleteනියමයි
ReplyDeleteඅගෙයි, තව ලියන්න
ReplyDelete