Saturday 1 March 2014

කතිර යුද්ධය





කව්ද කෙනෙක් එළියේ ඉදන් තට්ටු කරනු ඇසුනි දොරට
ටක් ටක් ටක් ගෙදර කව්ද? බල්ලා එහෙම බැඳලා නේද?
ඇරලා දොර බැලුවයි මම කිහිප දෙනෙක් සිටිති පිටත
බල්ලා තාම තනිකඩයිනේ බැල්ලියෝ ඉන්නවද දන්න?

ආයුබෝවන් මහත්තයෝ කොහොමද දැන් සැප සනීප?
බැල්ලියෝනම් නෑ අපි ළඟ ආවේ ඔහෙලා බලලා යන්න
අනේ අයියේ අඳුරගන්න බැරුව ගියා නොවැ ඔහෙලව
මං අහන්නේ හිරු FM සල්ලි මල්ල ගෙනාවාද?


නෑ නෑ මල්ලියේ අපිනම් හිරු FM නෙවෙයි ඔන්න
වැරදීමක් වෙලා වගේ බැරිද අපිව අඳුරගන්න
අනේ අයියේ සමාවෙන්න ශ්‍රී  FM එකෙන් නේද?
මං අහන්නේ ශ්‍රී FM තෑගී මල්ල ලැබෙයි නේද?

ඇයි බොල බන් බූරු පුතේ මොනවද මේ උඹ කියන්නේ?
ඉලව් රේඩියෝව නොවේ වෙන වැඩකට අපි ආවේ
අනේ අයියේ ඇත්තද ඔය? රේඩියෝවකින් නෙවේද?
එයාල විතරමයි ආවේ මේ දිනවල අපි බලන්න

එයාල විතරක් නෙවේනේ අපිත් ඔන්න ආවා අද
ඔහෙලගෙ සැපදුක් බලන්න  ඉන්නවා අපි හොඳයි නේද?
අනේ ඒක ලොකු දෙයක්නේ අමාරුවෙන් අපිත් ඉන්නේ
මොකද අපිව මතක් උනේ ඇත්තට මේ හදිස්සියේ?

දන්නවානේ රටේ තත්වේ රට හදන්න අපිට ඕනේ
හොරු ටික පන්නලා දමා අපිට චන්දෙ දෙන්න ඕනේ
අනෙ අම්මේ ඒකද මේ තකහනියක් මෙහෙ  ආවේ?
මෙච්චරකල් කොහෙද හිටියේ දැන්ද අපිව මතක් උනේ?

එහෙම කියන එපා අනේ ඔහෙලා නිසයි වෙහෙස වෙන්නේ
රට හදන්න වෙහෙසුනානේ ඒකයි මෙහේ ආවේ නැත්තේ
අනේ ඒකතමයි නේද කොච්චරනම් වෙහෙසුනාද?
ඔය කාටත් අපිව මතක් වෙන්නේ චන්දෙ ලං උනාම

ඉවසුව දැන් ඇතියි නේද? බඩුමිල දැන් අහස උසට
මෙදාපාරවත් වෙනතක් බලලා රට හදමු නේද?
මොනවද ඔබ මේ කියන්නේ තියන රජය හොඳයි නේද?
බඩුමිල ඔය වැඩි උනාට රටේ පාරවල් සුපිරිය

අනේ උඹේ ඉලව් පාර කොමිස් ගහනවා ඕවට
කන්න බොන්න නැතිඋනාම පාරක් කා සිටිය හැකිද?
එහෙම කියන එපා මිතුර විදෙස් කුමන්ත්‍රණ බොහෝය
මේ වෙලාවේ අපි හැමෝම රජය එක්ක සිටිය යුතුය

මොන විදේශ කුමන්ත්‍රණද ? ඔහෙලා රැවටිලා ඕවට
බලය අතේ තියාගන්න බෝලේ  බස්සලා ඔහෙලට
බොරුනොව ඒ කිව්වේ ඇත්ත සුද්දෝ බලන් ඉන්නේ මෙදෙස
විදුලි පුටුව වෙත යන්නට සිදුවෙයි අප හැමදෙනාට

විදුලි පුටුලු කුමන්ත්‍රනලු මොනවද දැන් නෑ මේ බොරු
අපෙ රට වෙත අතදාන්න බැහැ කවදාවත් සුද්දට
ඔහෙලා මොනවා කිව්වත් දැන් යුද්දේ දිනලා දුන්නා අපට
ඒ ටික මට හොදටම ඇති මෙදා සැරෙත් දෙමි  රජයට


ඔන්න ඕකයි තත්වේ ................
මා කිසිම පක්ෂයකට කඩේ නොයනා බව කරුණාවෙන් සළකන්න 






21 comments:

  1. අවුරුදු ගානක් තිස්සේ යුද්දෙන් දුක් වින්ද අයලු
    යුද්දෙ දිනල ඉවර වෙලත් අවුරුදු පහ ගිහිල්ලාලු
    රට සුද්දට දෙන්නෙ නැතිව විදුලි පුටුවෙ නගිනවාලු
    අනේ එහෙව් මේ රජයට කතිරෙ දෙන්න සිතෙනවාලු

    ලොල් හොඳේ!

    ReplyDelete
    Replies
    1. යුද්ධෙ දිනලා දුන්නා එකම ඇතිද කියල හිතෙනවා
      මෙහෙම ගියොත් අපිට රටක් ඉතිරි වෙයිද හිතෙනවා

      Delete
  2. Ha....Ha.....Ha......Mata upathinma politics tittai..... Ha...Ha....Ha.... eth ratata hodak wenawa nam kamak na....

    ReplyDelete
  3. athi yantham uba fantacy eken miduna... :P eth ithin ohoma kiya kiya anith unui thamunui udaaseena karana eka nm awul.

    ReplyDelete
    Replies
    1. monaa unath ithin buddimathwa hithana ekekuta chande denna ekek ada kaale chande illan naa

      Delete
  4. first -> boot then politics & next love ???? am i correct kadapatha? :P :P

    ReplyDelete
  5. rajayata chande denne etin bath kana harak tama..eth balan giyaama denne paksekut naa tamaa...

    ReplyDelete
    Replies
    1. siraawta ban hariyta hithala baluwoth chande denna kenek naa thamayi

      Delete
  6. සුදු වෑනයකින් යන්න ආස ද උඹට
    කවි කතා ලියලා ඇති වුනි ද උඹට
    කරන දෙයක් කරපන් පරිස්සමට
    මමනම් දෙන්නනේ ජේවීපි එකට

    ReplyDelete
    Replies
    1. එදා ඉදන් සන්ධානෙට දුන්නේ මම
      දීල වැඩක් නෑ තවදුරටත් උන්ට
      රට යන ඇත බලන් ඉන්න බැරුව ඇත
      සුදු වෑන් වලටනම් බය නැහැනේ මම

      Delete
  7. දැන් අපට ජ.වි.පෙ හැර වෙනත් විකල්පයක් නැත

    ReplyDelete
    Replies
    1. ජ.වි.පෙ. යනු විකල්පයක් නොවේ.

      Delete
    2. එසේනම් ඔබගේ අදහස නෑවත රජයට බාර දීමද ?, සිහලුනේ නගිටිව්, අපව නොමරා මරන ආන්ඩුව ගෙදර එලවිමේ කාලය උදා ව් හාමරය...

      Delete
    3. ආණ්ඩුව ගෙදර යැවිය හැක.නමුත් අලුතින් පත්කරන අය ඊට වඩා නරක විය හැක.

      Delete
    4. කොකාගේ සුද පෙන්නේ ඉගිලෙනකොටලුනේ

      Delete
  8. හෙහ්, මේ දවස් වල ඉතින් සුළබ දෙයක්නේ මේක..

    ReplyDelete
    Replies
    1. අනිවා සුලබ උනාට කථා නොකරම බැරි දෙයක්

      Delete