Friday 31 January 2014

මල් පොකුරක මලක්ද මම ?



මුව මදහස සඟවාගෙන 
නෙත් කැලුමන්  විදහාගෙන 
නෙක ඉඟි බිඟි පා කරමින
මුකුළු කළේ මට විතරද?

යන එන මඟ ගැවසී සිට 
මා එන තෙක් කල් බලමින
නොයෙක් පිඹුරුපත් සදමින
මුකුළු බැලුවේ මගෙ පමණද?

මගෙ උරහිස පිරිමඳිමින 
ළමැදේ  හිස සතපවමින 
බොළඳ වදන් තෙපලූයේ
සඳවතියේ මට පමණද?

උරහිස නුඹෙ පිරිනමමින 
ළමැදේ උණුසුම බෙදමින
වදන් බොළඳ කරවූයේ

කුමරාණනි මගෙ පමණද?                                                                                                                          

හිරු අහසේ ගිලෙනා විට
මූදු රැල්ල හාදු බෙදන 
වෙරළ කොනින් ඇවිද ගියේ 
සොඳුර මා සමඟ පමණද?

හිරු අවරට යන්නට පෙර 
සයුරු රැල්ල පාගන්නට
මුහුදු වෙරළෙ තනිවෙන්නට 
එක්ක ගියේ මා විතරද?   

කාගේ මුකුළු මා බැලුවත් 

කා සමඟින් පියමැන්නත්
මේ දෙනෙතට කඳුළු ඉනුවෙ
නුඹ මා හැර ගිය දිනදිය.......                                             



11 comments:

  1. abslutly great work machan...keep it up ..love ur creations...=D (y)

    ReplyDelete
  2. it z absolutely nic

    ReplyDelete
  3. තරිඳු අය්යේ ඔයාගේ ලස්සනම ලස්සන නිසඳැස් පැදි පෙළ කියෙව්වා. හරිම ලස්සනට ඒක ලියලා තිබ්බා. ඔයා හැමදාම මේ විදිහට ලස්සනට කවි ලියන්නකෝ අය්යේ..

    අය්යාව ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් මේ පුංචි නංගියාගේ බ්ලොග් අඩවිය වෙත පිලි අරගන්නවා. ඔයාගේ ආදරණිය කවි සිතට ගොඩාරියක්ම මම කැමතියි.

    හැමදාමත් මගේ අඩුපාඩු පෙන්නලා දීලා මගේම අය්යා කෙනෙක් වගේ මගේ එක්ක හැමදාම නොවෙනස්ව රැඳිලා ඉන්නය කියලා බෙහෝම ගෞරවයෙන් හා ආදරයෙන් මම ආරාධනා කරනවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නංගියෝ .ඔයාගේ ආරාධනාව මං පිළිගන්නවා , ඔයාගේ blog එක වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕනෑම උදව්වක් මං කරන්නම්

      Delete
  4. හනේ බල්ලෙක් වත් එන්නෙ නැති බ්ලොග් එකක් ,චොයි අනි ...තනියම කමේන්ට් කර ගෙන ...

    ReplyDelete
    Replies
    1. බල්ලොනම් හිටපුගමන් මේ පැත්තේ එනවා :D

      Delete
  5. nice one bro! keep it up

    ReplyDelete