Friday 24 January 2014

තරූ(අවසාන කොටස )




 << කලින් කොටසට                                                    තරූ හා දිලුම්  එසේ  පෙම්වතුන්  බවට  පත්වුවද  දමිතටනම්  තරූ  හැර  වෙනත්  යුවතියක්  දෙස  බැලීමටවත්  සිතක්  නොතිබුණි. ඔහු  තම  අහිමි  පෙම  තුළම  සිරවී  වේදනා  විඳින්නට  විය.  දමිතගේ  මුළු  ජීවිතයම  වූයේ  තරූය. ඔව්  ඇත්තටම  ඇය  ඔහුගේ  මුළු  ලෝකයම  විය. නමුත්  තරූ  ගන්නා  ලද  තීරණයෙහිද  වැරැ ද්දක්  කිව  නොහැකිය. හැමදාමත්  රණ්ඩුවෙමින්  ආදරයක්  පවත්වාගෙන  යාමට  හැකිද? සුදුසුම  දේ  අකමැත්තෙන්  නමුත්  එය  නවතා  දැමීමය.  නමුත්  දමිත  තරූ  නැති  සොවින්  දිවා  රෑ  වැළපුණේය.  අධ්‍යාපන  කටයුතු  සියල්ලක්ම  පාහේ  අතපසුකරගත්තේය.  ඔහුගේ  ජීවිතයම  අපායක්  බවට  පත්වීමට  වැඩි  කාලයක්  ගත  නොවීය. ඔහු  දිවා  රෑ  තරූ  ගැන  සිතමින්  දුක්වුණේය.
                                                    මේ අතර තරූ  දමිත  වෙනුවෙන්  කැප  කර  තිබූ  ඇයගේ  ජීවිතය  දිලුම්  වෙනුවෙන්  කැප  කළාය.  ඇය  මුළු  හදවතින්ම  ඔහු  හට  ආදරය  කරන්නට  පටන්ගත්තාය. තම  මුළු  ජීවිතයම  දිලුම්  කරගත්තාය.  දිලුම්ද  තරූට  පණමෙන්  ආදරය  කිරීමට  පටන්ගත්තේය. අතීතයෙහි  අමිහිරි  මතක  අමතක  කරමින්  දෙදෙනාම  තම  ජීවිත  වලට  නැවුම්  ආරම්භයක්  ලබාදුන්නාහ.  නමුත්  දමිතගේ  ජීවිතය  දුකිනුත්  දුකටම  පත්වන්නටවිය.  ඔහුගේ  යහළුවන්  හිතවතුන්  කොපමණ  උත්සාහ  කළද  දමිත  නැවතත්  තම  හුරු  පුරුදු  දමිත  බවට  පත්  කරගැනීමට  ඔවුන්ට  නොහැකිවිය.  තරූ දිලුම්  සතු  වූ බව  දැන  දැනත්  ඔහු  තරුට  වෙනදා මෙන්ම  ආදරය  කළේය.
                                                 කාළය  බොහොමයක්  ප්‍රශ්නවලට  විසඳුම්  ලබාදෙන්නේයැයි  බොහෝ  දෙනා ප්‍රකාශ  කරති.  ඒ  කල්ගතවනවිට  අපට බොහෝමයක්  දේ  අමතක  වන  නිසා විය  යුතුය. දුක  සතුට  , සිනහව  කඳුළු  මෙන්ම  ආදරය  විරහවද  කල් ගතවනවිට  අපේ  මතකයෙන්  ඈත්  වියහැකිය.  අප  සිතට  වදදෙන  බොහොමයක්  ප්‍රශ්න  ගැටළු  කාලයත්  සමඟ  අමතකවීයයි නැතහොත්  එයට  වඩා ලොකු  ප්‍රශ්නයක්  කාළය  අපවෙත  රැගෙන  එයි. ඇත්තෙන්ම  විසඳුම්  සෙවිය  නොහැකි  බොහෝ  ප්‍රශ්නවලට  විසඳුම්  සෙවීමට  කාලයට  භාරදීම  වඩාත්  සුදුසුයැයි  මා පවසන්නේ  එම  නිසාය. කාළය  සමඟ  වෙනස්වන  බොහෝ  දේ  සමඟ  මිනිස්  සිතද  නිසැකයෙන්ම  වෙනස්වෙයි. දිනිතිගේ  සිතද  මේ  ආකාරයෙන්ම  වෙනස්  වී තිබුණි.  ජීවිතයේ  කෙතරම්  ප්‍රේමයන්  තිබුනද  කොතෙක්  සුන්දර  යුවතියන්  තමන්ට  පෙම්කලද  , පළමු  පෙම  තරම්  මිහිරි  පෙමක්  නොමැතිබව  බොහෝදෙනා   පවසන්නකි.  තරූ  කෙතරම්  දිලුම්ට  ආදරය  කළද  දිලුම්  නැවතත්  තම  පළමු  පෙම්වතිය  කරා  ඇදී  යන්නට ඇත්තේ ඒ නිසා  විය යුතුය.  කෙසේ  වෙතත්  ඔහුට  මුලින්ම  ආදරය  කියාදුන්නේ  ඇයයි  ,  ජීවිතය  කියා දුන්නේ  ඇයයි . එම  ආදරයට  ඔහු  අන්  සියල්ලකටම  වඩා  ආදරය  කළේය.  මේ නිසා  තරූට  දිලුම්ද  අහිමිවිය.    
                                                       තරූට  මෙය  අදහාගනීමටවත්  නොහැක්කක්  විය. ඇය පණමෙන්  ආදරය  කළ  දිලුම්  ඇය  හැරදා යාවියැයි  ඇය  කිසිදිනකවත්  නොසිතුවාය.  තරූට  තමාගත්  තීරණය  වැරදිබව  අවබෝධවන්නටවිය.  බොහෝ  අය  අන්‍යන්ගේ  දුකට  සිනහවෙයි, එම දුක්  සමඟ  ඔච්චම්කරයි. නමුත්  එම  දුක කෙසේදැයි  තේරුම්යන්නේ  තමාද  එවැනිම  දුකකට  පත්වූ  පසුවයි. තරූටද  කෙමෙන්  කෙමෙන්  ආදරයේ  වේදනාව  දැනෙන්නට  පටන්ගත්තාය. තමා  දමිතව  හැර  ගිය  මොහොතේ  ඔහුටත්  මෙවැනිම  වේදනාවක්  දැනෙන්නට  ඇතැයි  ඇයට  සිතුණාය. ඇත්තටම  ඇය  ජීවිතය  කෙරෙහි  බොහෝ  සෙයින්  කලකිරුණාය. කෙනෙක්ගේ  සිනහවක්  තවත්  කෙනෙකුට  කඳුළක්  වනහැටි  හරිම පුදුමය.  තමාට  ඇත්තටම  ආදරය  කළේ  කවුරුන්ද  යන්න  ඇයට  හරිහැටි තේරුම්ගැනීමට නොහැකිවිය. එය  තේරුම්ගන්නාවිට  බොහෝ  දේ  සිදුවී  හමාරය.
                                                   ආදරය යනු  ගැලපීම  නොවෙයි,  ආදරය  යනු  විශ්වාසය  නොවෙයි, ආදරය  යනු  තේරුම්ගැනීම  නොවෙයි.  ආදරය  යනු  ආදරයයි. එය  වෙනත්  කිසිදු  වචනයකට   සමාන  කළ  නොහැක. ආදරය  යනු  ගැලපීම , විශ්වාසය, තේරුම්ගැනීම  අඩු  වැඩි  වශයෙන්  එකතු  වූ ආදරයෙන්  හා සෙනෙහසින්  පිරුණු  අපූරු  බැඳීමකි.ගැලපීමට  වඩා අවශ්‍යවන්නේ  එකිනෙකා හොඳින්  තෙරුම්ගැනීමයි. විශ්වාසය , ආදරය  සමබරව  පවත්වාගෙන  යා යුතු  අතර  මේවා  අඩු වූ විට  මෙන්ම   ඕනෑවට  වඩා වැඩි  වූ විටද  ආදරය  දෙදරා යා හැකිය. ආදරය  යනු මේ  සියල්ලම  සමබරව  තබාගෙන   ඒ දණ්ඩක  ගමන්  කරනු  වැනිය. සමබරතාවය  ගිලිහීම  යනු  ආදරය ඔබෙන් ගිලිහී යාම වන්නේය.
                                                කෙසේ වෙතත්  තරූ  නැවතත්  තීරණයක්  ගත්තාය. ඒ යළි  කිසිම  දිනක  වෙනස්  නොවන  තීරණයකි. සදාකාලික  තීරණයකි. ඒ නැවතත්  දමිත සොයා යෑමයි.  නමුත්  නැවතත්  දමිත වෙත  යන්නේ  කෙසේද?  ඇය  තම  පණටත්  වඩා දිලුම්ට  ආදරය  කළාය. දිලුම්ගේ  කථාවට  හැසිරීමට  , දමිතට  වඩා ඇය  ආශා කළාය.  ප්‍රිය  කළාය. නමුත්  ඒ සියල්ලටම  වඩා දමිත  ඇයට ඇත්තටම  ආදරය  කළාය. තමා  ආදරය  කළ  යුත්තේ පෙරළා  තමන්ටද  ආදරය  කරන්නෙකුට  බව  ඇය වටහාගත්තාය. ඔහු  කෙතරම්  යහපත්  උනද කෙතරම් ගැලපුනද  තමාට  ආදරය නොකරන්නේනම් ඔහුගෙන්  පළක්  නොවන්නේය.  නමුත්  දමිත  නැවතත් තමාව  පිළිගනීවිද?  තමාව  හැරදා ගිය ඇය, තමාගේ  දිවියම  අඳුරු  කළ  ඇය, තමා දුකින්  හඬා  වැටෙද්දී  වෙනකෙක්ට  පෙම්බැඳි  ඇය , යලිත් පිළිගන්නේ  කෙලෙසද?  තමාට  කෙතරම්  එරෙහිවුවද  දමිත  තවමත්  තරූට  පණමෙන්  ආදරය  කළේය.තමන්ගේ  ආදරය දෙදරායාම  කෙරෙහි  තමාගේ  සැකය , අනුවණ  ක්‍රියාකලාපය  මූලිකම හේතුව වූ බව  ඔහු හොඳින්ම දැන සිටියාය.ඔහු  නවත්ත  තම  හදවතේ දොරටු  තරූ වෙනුවෙන් විවෘත  කළේය. මුළු  හදවතින්ම  ඇයව  පිළිගත්තේය. තරූද  නැවතත්  තම  මුළු  ජීවිතයම  දමිතට භාරකළාය.සුපුරුදු  පරිදි  ඔවුන්  දෙදෙනා  නැවතත්  පරම  පිවිතුරු  ආදරයේ  හවුල්කරුවන්  බවට පත්වූහ.

                                                කාළය  ගෙවී  ගියේය. නමුත්  නැවත  දිනිති  තම  ප්‍රේමයට  තිත තැබීම හේතුවෙන් දිලුම්  තරූ  සොයා පැමිණියේය. නමුත්  යළි  කිසිමදිනක  කිසිමකෙනෙකුට  ඇයව  දමිතගෙන්  වෙන්කළ  හැකිනොවනු  ඇත. තරූගේ  ආදරය  නොලැබුණු  දිලුම්  මෙසේ  ප්‍රකාශකර  තිබුණි. "කෙල්ලන්ට  ආදරේ  කියන්නේ හැගීමක්  විතරයි , ඒක  මායාවක්, කොල්ල එකට මෙල්ල වෙනවා ,ඒක  ආදරේ  කියල හිතනවා." ඇත්ත  ආදරය යනු හැගීමකි, නමුත් එම හැගීම ජීවිතයම  කරගත්තවුන් සදාකාලික පෙම්වතුන්වෙති. නමුත් වැඩිකල් ගතවන්නට මත්තෙන්ම  දිලුම්  තවත්  යුවතියක්  සමඟ  ආදරයක්  ඇති කරගෙන තිබුණි.

                                          ජීවිතය යනු නිරන්තරයෙන් වෙනස්වන මාවත් ඔස්සේ නොවෙනස්ව ගමන් කිරීමකි. අප තදින් පෙම්බඳින්නවුන් බොහෝවිට අපිට පෙම් නොකරති. සමීපතමයකුගේ සුළු අත්වැරැද්දක් , අතපසුවීමක් අපට බොහෝ වේදනා ගෙනදෙයි. නමුත් ඔහුගේ හෝ ඇයගේ තැන සිට එම ප්‍රශ්නය දෙස බැලූකළ අප කරන්නේද එම දෙයම වියහැක. තමන්ට ආදරය කරන්නන්ගේ සුළු සුළු වැරදිවලට කෝප නොවන්න. මන්දයත් එසේවන්නේ ඔවුන් ඔබට ආදරය නැතිකම නිසා නොව ආදරය වැඩිකම නිසාය. කිසියම් ගැටළුවක් දෙස තමාගේ පසින් පමණක් බලා තීරණවලට නොඑලබෙන්න, හැමපැත්තෙන්ම එම ගැටළුව දෙස බලා වඩාත්ම සාධාරණ තීන්දුව ලබාගන්න. කිසිවිටෙකත් තීරණ ගැනීමට හදීසි නොවන්න. ඉවසීමෙන් සුදුසුම තීරණයට පිවිසෙන්න. ආදරයේදී ආත්මාර්ථකාමී නොවන්න, හැමවිටම පරාර්ථකාමී වන්න. මම , මට වඩා අපි , අපිට යන්න බලවත්බව වටහාගන්න. එවිට දමිතටත් තරූටත් සිදුවූ දේ යළි ඔබටත් මටත් සිදු නොවනු ඇත.                                                                                                                                                                         -සමාප්තයි-




19 comments:

  1. that end iz better

    ReplyDelete
  2. මේකේ කියල තියන දේ හරියටම හරි තමන්ගේ පැත්තෙන් විතරක් හිතන්න හොද නෑ

    ReplyDelete
  3. කිසිවිටෙකත් තීරණ ගැනීමට හදීසි නොවන්න. ඉවසීමෙන් සුදුසුම තීරණයට පිවිසෙන්න. ආදරයේදී ආත්මාර්ථකාමී නොවන්න, හැමවිටම පරාර්ථකාමී වන්න. මම , මට වඩා අපි , අපිට යන්න බලවත්බව වටහාගන්න

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදිය තමයි ඒ , එත් මේකට එකඟ නොවෙන අයත් ඇති

      Delete
  4. adoo patta machan ....i think once i read this it took me back to my past..amzing machan...keep it up machan..all da bst..=D (y)

    ReplyDelete
  5. ආදරය යනු ගැලපීම නොවෙයි, ආදරය යනු විශ්වාසය නොවෙයි, ආදරය යනු තේරුම්ගැනීම නොවෙයි. ආදරය යනු ආදරයයි. එය වෙනත් කිසිදු වචනයකට සමාන කළ නොහැක. ආදරය යනු ගැලපීම , විශ්වාසය, තේරුම්ගැනීම අඩු වැඩි වශයෙන් එකතු වූ ආදරයෙන් හා සෙනෙහසින් පිරුණු අපූරු බැඳීමකි.ගැලපීමට වඩා අවශ්‍යවන්නේ එකිනෙකා හොඳින් තෙරුම්ගැනීමයි. විශ්වාසය , ආදරය සමබරව පවත්වාගෙන යා යුතු අතර මේවා අඩු වූ විට මෙන්ම ඕනෑවට වඩා වැඩි වූ විටද ආදරය දෙදරා යා හැකිය. ආදරය යනු මේ සියල්ලම සමබරව තබාගෙන ඒ දණ්ඩක ගමන් කරනු වැනිය. සමබරතාවය ගිලිහීම යනු ආදරය ඔබෙන් ගිලිහී යාම වන්නේය.හදවතින්ම එකඟයි මචං

    ReplyDelete
  6. Howevr finaly they met again (y)

    ReplyDelete
  7. Ohoma thama ban.......ජීවිතය යනු නිරන්තරයෙන් වෙනස්වන මාවත් ඔස්සේ නොවෙනස්ව ගමන් කිරීමකි. අප තදින් පෙම්බඳින්නවුන් බොහෝවිට අපිට පෙම් නොකරති. සමීපතමයකුගේ සුළු අත්වැරැද්දක් , අතපසුවීමක් අපට බොහෝ වේදනා ගෙනදෙයි.

    ReplyDelete
  8. sirama story ekak mcn. well done bro :)

    ReplyDelete
  9. sirama story ekak mcn. well done bro :)

    ReplyDelete
  10. කතාව ලස්සනයි.
    ආදරය සහ ජීවිතය ගැන කියලා තියන දෙයට මමත් එකගයි...

    ReplyDelete