Saturday, 21 March 2015

විසිරුණු අරුමැසි












වෙලාවක් නැති නිසාදෝ
කලාවක් ලෙසද කොහෙදෝ
හරි හැඩයි මං සිතාදෝ
නොබදිති කොන්ඩේ කෙල්ලෝ......

යන එන අතර බසයේ
හිඳගති ළඟම අසුනේ
මායිම් නොමැති කොන්ඩේ
සැණෙකින් මාගේ මුහුණේ.....

සොලවා හෙමින් මුවගේ
හදමින් අතින් හිසකේ
ගස්සා බලයි මදෙසේ
මං අවුල් කල විලසේ
ඇගේ කීකරු කොන්ඩේ.....

බදීනම් හොඳට කොන්ඩේ
නැතුව නොවේද ඔය වදේ
ගැනුමට කොන්ඩ පටියක්
හිතුනා දෙන්න සල්ලි.............



Reactions:

4 comments:

  1. කීයක් හරි දීලා අවවාදයක් කරන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඔය වගේ දේවල් වලට නැහැනේ දඩ ගහන්නේ

      Delete
  2. හෙහ් හෙහ්, මම නම් ආසයි කෙල්ලන්ගේ කොණ්ඩේ එහෙම තියෙනවට.. හැබැයි බස් වලදි ඇරෙන්න...

    ReplyDelete
    Replies
    1. ලස්සනනම් තමයි එත් ඉතිං කටේ කෙහි මැල්ලුම් යන්න ගත්තම කොහොමද තියන වදේ

      Delete