
විසිරි අතු අග - හිරුට නොපෙනෙන සැඟව සුපිපුණු - මලක් වේනම් සිනිදු මල දැක - කලල් බිඟු කැලරොන් උරන්නට - පොර බඳියි නම්
තටුද ගැලවී - බලය වියැකුණු දුබල බඹරෙක් - මල දකියිනම් ඉතිං පල කීම - එයට පෙම් බැඳරොන් උරනු කෙලෙසද?කිසිදා ලංවිය නොහැකි මලකින්
දුබල බඹරුන් - මල දකිනමුත් එමල සිඹිනට - නොහැක කිසිදාපොර බදින්නේ - කෙලෙසින්ද ඔහුසවිය බල ඇති - සවිමත් බිඟුන් හා
සවිය ඇත්තා - දිනයි සැමදාසිපගනියි මල - රොන් ගනියි ඔහුඑම මලින්...