
මුව මදහස සඟවාගෙන
නෙත් කැලුමන් විදහාගෙන
නෙක ඉඟි බිඟි පා කරමින
මුකුළු කළේ මට විතරද?
යන එන මඟ ගැවසී සිට
මා එන තෙක් කල් බලමින
නොයෙක් පිඹුරුපත් සදමින
මුකුළු බැලුවේ මගෙ පමණද?
මගෙ උරහිස පිරිමඳිමින
ළමැදේ හිස සතපවමින
බොළඳ වදන් තෙපලූයේ
සඳවතියේ මට පමණද?
උරහිස නුඹෙ පිරිනමමින
ළමැදේ උණුසුම බෙදමින
වදන් බොළඳ කරවූයේ
කුමරාණනි මගෙ පමණද? ...