Saturday 5 April 2014

උස පෙම්වතුන් කෙරෙහි තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි?

             බොහෝමයක් තරුණියන්  වඩාත් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. මෙය විවිධ අය විවිධ ලෙස නිර්වචනය කරන අතර එයට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.නමුත් තරුණියන් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ කුමක් නිසාදැයි යන්නට නිශ්චිත හේතුවක් ගෙනහැරපෑමට නොහැක. පහත දැක්වෙන්නේ ටිකක් උසින් අඩු තරුණ වියේ පසුවන ගැහැණු ළමයෙක් මේ පිලිබඳ දක්වා ඇති අදහස් කිහිපයකි.


                                  


මාගේ පෙම්වතා උස විය යුත්තේ ඇයි?


                                 මාගේ පෙම්වතා උස අයෙකු වූ විට බොහොමයක් වාසි ඇත.ඉතාමත් වැදගත් වාසියක් වන්නේ නිවසේ වැඩ කටයුතු කරගැනීමට පහසු වීමයි.නිවසේ මකුළු දැල් කැඩීම, විදුලි පංකාව පිරිසිදු කිරීම, විදුලි බුබුළු මාරු කිරීම, වැනි ඉතා සුළු කාර්‍යයන් කිරීමට පවා බොහෝ පුද්ගලයන්ට ඉනිමගක් අවශ්‍ය වේ. නමුත් මාගේ පෙම්වතා උස අයෙකු වූ විට එවැනි සුළු කාර්‍යයන් ඉටු කිරීමට ඔහුට ඉනිමගක් අවශ්‍ය වන්නේ නැත.ඉතාමත් පහසුවෙන් එම කාර්‍යයන් සිදුකළ හැකිය. එමනිසා නිවසට ඉනිමගක් අවශ්‍ය වන්නේ නැත.ඉනිමගක් මිලදී ගැනීමට යන මුදලද ඉතිරි කරගත හැකිය.එමෙන්ම උත්සවයක් වැනි විශේෂ අවසථාවක් සඳහා සැරසිලි කිරීම ඔහුට ඉතාමත් පහසුය. එමනිසා ඕනෑම කාර්‍යයක් ඉතාමත් අඩු කාලයකින්, ඉතා හොඳින් සිදු කිරීමේ හැකියාව ඔහු උස වූ විට ඔහුට හිමි වේ.
                             එමෙන්ම බස්රථයේ ගමන් කරන විටදී බස් රථයේ සීනුව නාද කිරීමට මා උස මදි බැවින් ඔහුට එය මං වෙනුවෙන් නාද කළ හැකිය. එමනිසා කිසිදු කරදරයකින් තොරව බස් රථයේ ගමන් කළ හැකිය.නිවසේ ගෙවත්තේ හෝ වෙනත් ස්ථාන වල ඇති අඹ , පේර වැනි ගස්වලින් ඉතාමත් පහසුවෙන් ඔහුට පළතුරු කඩාගත හැකිය.එවිට වෙළඳසැලකට ගොස් පළතුරු මිලදීගැනීමට අවශ්‍ය වන්නේ නැත.එම වැයවන මුදලද ඉතිරිකරගත හැකිය.මාගේ පෙම්වතා උස අයකු වූ විට ඔහුට අශ්වයන් පැදීම ඉතාමත් පහසු කාර්‍යයක් වන්නේය. එමනිසා අශ්වයකු පැදීමේ කදිම අවස්ථාව ඔහු නිසා මටත් හිමිවන්නේය.
                            ගඟක මුහුදක හෝ පිහිනුම් තටාකයේ මා ගිලෙන්නේට ගියහොත් ඔහු පිහිනීමට නොදන්නා අයෙකු වුවත් ඔහු ඉතා උස අයෙකු බැවින් ඔහු ගිලීමේ ප්‍රවණතාවය අඩු නිසා මාව බේරාගැනීමේ හැකියාව ඔහුට ඇත.එමනිසා ඔහු සමඟ ඉන්නාවිට ඉතාමත් ආරක්ෂාකාරී හැඟීමක් ඇති වේ.සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංග නැරඹීමට ඉතා විශාල පිරිසක් පැමිණෙන නිසාත්. මා උසින් අඩු නිසාත් ඒවා නැරඹීම ඉතා අපහසුය.නමුත් මාගේ පෙම්වතා උස අයෙකු වූ විට ඔහු සමඟ සංගීත ප්‍රසංග නැරඹීමට යාමේදී අපහසුතාවයකින් තොරව ප්‍රසංගය නැරඹිය හැකිය.මෙවැනි වාසි ගණනාවක් මාගේ පෙම්වතා උස අයෙකු වූ විට හිමිවන බැවින් ඔහු උස අයෙකු වීම වඩාත් යෝග්‍ය වේ.


                                            




21 comments:

  1. කිස් එකක් දෙන්න ගියහමනම් බෙල්ලේ එල්ලෙන්න වෙයි. කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. එතකොට කොල්ලට පහත් වෙන්න පුළුවන්නේ :P :P

      Delete
  2. ehemada hithan inne ane pala yanna ulamo :P

    ReplyDelete
    Replies
    1. ඔය උලමා පොස්ට් එක නොකියවා කමෙන්ට් කල හැඩයි :P :v

      Delete
  3. malli meka junior batch eke kauru hari liyapu 1k nemeine... :P

    ReplyDelete
  4. Mata usa kollanta kamathi kellek set karala deepanko.... :P

    ReplyDelete
  5. හිතේ හැටියට හයිහීල්ස් දාන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ආ එහෙමත් එකක් තියනව නේද :D

      Delete
  6. හික්ස්, එහෙනම් ඒකද හේතුව...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක තමයි හේතුව

      Delete
  7. මෙහෙම එලෝ මෙලෝ වැඩක් නැති මෝඩ චුන් ලියන වෙලාවේ නරකද ** පාරක් ගහලා බුදිය ගත්තනම්. ගොනා උනාට කමක් නැ ගොම දානකොට පරෙස්සමෙන්.

    ReplyDelete
    Replies
    1. මෝඩ චූන් කියවන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගත්තනම් නරකද? ඇන්න පොනෝ

      Delete
  8. mcn bokka no offence
    Mcn edala edala ube kiyapu post eka ban.
    Oita wada lassana post ekak danna thibba ban :)

    http://data1.whicdn.com/images/96054072/thumb.jpg

    More lovely one ban :)
    Anyway good one ;)

    ReplyDelete
    Replies
    1. he he hamadama ekama widiye post demmamath kattiyta epa wenwane ban ekai wenas widiye 1k damme :)

      Delete
  9. මේක මේ උපහාසයට ලියපු නේද? (නැත්නම් ගොන්ම ගොන් බන්..)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නැත්නම් සිරාවට මේ වගේ ගොන් කතා ලියනවද :D

      Delete