Wednesday 20 November 2013

මේ ගහ යට









හිරු මඬළෙන් සැඟවී සිට
සිසිල දුන්නු මේ ගහ යට
හමු වූවා මතකද අප
ඉඩක් තිබුණු හැම දිනකම


      නුඹේ ළපටි බොළඳ කථා
      සිත සැනසූ මිහිරි සිනා
      අතිනත් පටළා සැමඳා
      මුකුළු කළා මේ ගහ යට


           අදින් පසුව මා නෝඒවි
           ඔබ මේ දෙස බලා යාවි
           සෙවණ දෙන්න කෙනෙක් නැතයි
           
මේ ගස හෙට දින හඬාවි 


                    අපෙ ආදර කථා පුවතෙ
                    තිතක් නෑර හැම දෙයක්ම
                    දැනන් හිටියා මේ මහ ගස
                    අන් සැමටම වඩා හොදට


                             අප දෙදෙනගෙ වෙන් වීමට
                             කෙළෙස එකඟ වන්නද මෙය
                             දැනන් හිටිය එයත් හොඳට
                              මං ගොඩක් නුඹට ආදරෙ කළවග



                                    කථා කරන්නට හැකිනම්
                                        හඬා කියයි මෙගස නුඹට
                                        දාල යන්න එපා කියල
                                        මෙතරම් පෙම් කරපු මාව


                                         කුමක් කරන්නද සොඳුරිය
                                         එයත් අසරණයි මා ලෙස
                                         මටමෙන් එයටත් කිසිලෙස
                                         නවත්තන්න බෑ ඔබ අද


                                                            




13 comments:

  1. nic creation (y)

    ReplyDelete
  2. ඉස්සර හවසට ඔබ එනතුරු මම
    මෙතනම සිටියා දෙනෙත අයා... !!
    Great job... keep it up...

    ReplyDelete
    Replies
    1. thanxx
      මටමෙන් එයටත් කිසිලෙස
      නවත්තන්න බෑ ඔබ අද

      Delete
  3. itz great :) love it ..

    ReplyDelete
  4. Replies
    1. බොහෝම ස්තූතියි මල්ලි

      Delete
  5. නොගියත් ඔබලා ආයෙත්
    නවමු පෙම්වතුන් පැමිණෙත්
    සිසිළ සදයි උනුන් හටත්
    නොපැකිලවම ඒ මහ ගස ....
    (ලස්සනයි )

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තව කීයක් නම් ආදර කථා මෙම ගස යට ඉපදී ගස යටදීම බිනදී යන්නට ඇත්ද,බොහොම ස්තූතියි.

      Delete