Wednesday, 14 May 2014

මිරිඟුව

වෙසක් දාට පායන හඳ
වෙනදට වඩා හරි එළියයි
ඒ එළියෙන් කඩුපුල් මල්
රන් පැළදුම් සේ බබළයි

රන් පාටයි , මුදු සුවඳයි
මද පවනේ මිහිර මවයි
කඩුපුල්මල් සුවඳ හමන
රන් පාට රන් දෙව්ලියක්
සිත් අහසේ දඟ කරයි  

නිල්මිණි නෙතු යුගට  ඇගේ
රන් සඳ කැළුමන් පැරදේ
දිමුතු දසන් පිරි සිනහව
සලිත කරයි හද මාගේ

සුදු මුහුණයි ඉඟි බිඟියයි
මගේ දෑස වශී කරයි
මෙතරම් ලස්සන කිසිදින
කිසි මලෙකත් නැහැ දුටුවේ

තාලෙට සැලෙනා ඇහිපිය
මගේ හිතට කථා කියයි
බලා හිදින්නම් ඔබ දෙස
කල්ප ගණන් වුවද ඉතිං

ඔය බැල්මේ එළිය දිගේ
මගේ හිත භාවනා කරයි
දකිනා මොහොතක් පාසා
පියවි ලොවින් බැහැරට යයි

ඔය දෑතින් අල්ලාගෙන
සරසවියේ පිය නගන්න
නිල්නේතු දෙස බලන් ඉන්න
හැමදාමත් ආසයි මම

නෙත් කැළුමන් විහිදා ඔබ
මගේ වෙලා හිනැහෙන හැටි
හැමදාමත් මම දකිනවා
මගේම වූ සිහින ලොවෙදි

පියවි ලොවේ නාවත් නුඹ
මාත් එක්ක පිය නගන්න
දිවි මග නුඹ එක්ක යන්න
ආසාවෙන් හිටියේ මම

දෛවය කළ සරදමකින්
නුඹ නාවත් මාත් එක්ක
මතු ඉපදෙන හැම බවයක
හිමි වෙන්නට පතනවා නුඹ






Reactions:

12 comments:

  1. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
  2. //ඔය දෑතින් අල්ලාගෙන
    සරසවියේ පිය නගන්න//
    අපෙත් හීනේ ඕකම තමා

    ReplyDelete
    Replies
    1. අපි කාගේත් හීනේ ඕක තමා ඉතිං

      Delete
  3. ඇත්තෙන්ම ලගදි දැකපු ලස්සන හා සරල එකක්..

    ReplyDelete
  4. හරිම ලස්සනයි තරිඳු..

    ReplyDelete