Sunday 20 April 2014

මලක අරුම



විසිරි අතු අග - හිරුට නොපෙනෙන 
සැඟව සුපිපුණු - මලක් වේනම් 
සිනිදු මල දැක - කලල් බිඟු කැල
රොන් උරන්නට - පොර බඳියි නම් 

තටුද ගැලවී - බලය වියැකුණු 
දුබල බඹරෙක් - මල දකියිනම් 
ඉතිං පල කීම - එයට පෙම් බැඳ
රොන් උරනු කෙලෙසද?
කිසිදා ලංවිය නොහැකි මලකින් 

දුබල බඹරුන් - මල දකිනමුත් 
එමල සිඹිනට - නොහැක කිසිදා
පොර බදින්නේ - කෙලෙසින්ද ඔහු
සවිය බල ඇති - සවිමත් බිඟුන් හා 

සවිය ඇත්තා - දිනයි සැමදා
සිපගනියි මල - රොන් ගනියි ඔහු
එම මලින් පසු - තවත් මලකට
සියළු මල් හිමිවේය ඔහු හට

මල් නෙළන්නට - රොන් උරන්නට 
නොහැක කිසිදා - දුබල බඹරට

ගසින් ගිලිහී - එමල වැටුනත්
දුබල බඹරෙකුගෙ - දෙපා මුලටම 
කැමති වේවිද - එමල කිසිදා 
පුදන්නට රොන් - දුබල බිඟු හට ??????




15 comments:

  1. ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ mail එක හරි site එකට link එකක් හරි දෙනවද

      Delete
  2. ම් අපූරු අදහසක්....
    හුග කාලෙකින් මේ වගේ අදහක් තියෙන කවියක් කියෙව්වෙ...

    ලෙසටම ලියමු
    ජයවේවා.................

    අදයි ඉස්සරෝම ආවෙ... මීට පස්සෙ හැමදාම එන්නං කො

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට

      Delete
  3. ලස්සනයි
    උචිතොන්නතිය කියන්නේ ඕක නේද.. හරිද දැන් නැ, කොහොම හරි දුබලයා වදවී යාම නේ.. ලෝකේ හැටි..

    මාත් අද තමයි මේ පැත්තේ ඉස්සෙල්ලම අවේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත ඒත් මෙහෙම දෙයක් තියනවා ගතින් දුර්වල කෙනා සමහරවිට සිතින් ශක්තිමත් වෙන්න පුළුවන්

      Delete
  4. මට නුඹ විතරක් උනාට......
    නුඹට ඉන්නේ මං විතරද...?
    කියල අන්තිමට කියන්න තමයි වෙන්නේ. අර දුබල බමරාට......
    ඒ උනාට හැම මලක්මත් එහෙම නැ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනම් ඇත්ත තමයි

      Delete
  5. කියවද්දි මතක් උනේ අමරසිරි පීරිස් මහත්මයි ගයන මගේ පුංචි රෝස මලේ ගීය, අපූරුයි, ප්‍රථම පැමිනීමෙන්ව සිත් ගත්තා, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දිගටම මේ පැත්තේ එන්නකෝ

      Delete
  6. කවිය ලස්සනයි , අයේ නිදහස් වෙලාවක එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි . වේලාවක් ලැබුනම ආයේ මේ පැත්තේ ඇවිත් යන්නකෝ

      Delete