Friday 21 March 2014

සිහින වලට තටු ඇවිදින්

සයුරු රැල්ල එතෙර නොවන
ක්‍ෂිතිජ ඉමෙන් එහා දිනෙක
ආසයි මට පියනගන්න
හිරු අසළින් ඔබත් එක්ක

රාස්සිගේ අව්ව වැදී
රත්පැහැ උන පුළින තලා
මතින් යන්න ආසයි මං
ඔබත් එක්ක තුරුළු වෙලා

සඳ කැන් මැද හිරුට හොරෙන්
කඩුපුල් මල් සුවඳ සොයා
අත් අල්ලන් ඉගිල්ලෙන්න
නුඹත් එක්ක සතුට සොයා

හිරු සඳු තරූ වලට හොරෙන්
නුඹ එනවිට සිහින මැදින්
සිනහ මලක් අරන් එන්න
මතක පිරුණු පියවි ලොවින්

ඉහ ඉද්දර සිනාසෙමින්
නුඹ සිටි විට මගේ ළඟින්
කියන් එපා අවදි වෙන්න
සිහින වලට තටු ඇවිදින්






5 comments: