Sunday 16 March 2014

ඒ කාලේ

                                                   සුපුරුදු පරිදි ආගමික වතාවත් වලින් අනතුරුව පාසළ ආරම්භ කිරීම සඳහා සීනුව නාද විය. නියමිත ස්ථාන වලින් අසුන්ගත් අපි ගුරුතුමා නම් ලකුණු කරනතෙක් බලා සිටියෙමු. නම් ලකුණු කිරීම හා බැදුණු බොහෝ සුන්දර සිදුවීම් මගේ පාසල් ජීවිතය තුළ පවතී.මමත් දමිතත් හොඳම යහළුවන් වූ නිසාදෝ අප දෙදෙනා කරන ලද බොහෝමයක් ගොන්වැඩ කරන ලද්දේ එකටමය.O/L කරන කාලයේ නම් ලකුණු කරන වෙලාවේවත් අපි පන්තියේ රැදී නොසිටියෙමු.ඒ වෙලාවට අප media unit එක බලා යන්නේ news කීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහාය. උදේට news කියන්නේ සතියකට දින දෙකක් පමණක් උවත් සතියේ දින පහේම නම් ලකුණු කරන වෙලාවේ අප රැදී සිටින්නේ media unit එකේය.අප පංතියේ සිටියත් නොසිටියත් අපගේ ආදරණීය පංතිභාර ගුරුතුමිය නිසැකවම අප දෙදෙනාගේ නම් වලට එක දමන්නීය.ඒ අප අනිවාර්යයෙන්ම සැමදා පාසල් එනමුත් නම් ලකුණු කරන වෙලාවේවත් පංතියේ නොසිටින බැව් ඇය හොදාකාරවම දන්නා නිසාවෙනි.එම කාලයේ අප සැමදා පාසල් ගියද පන්තිය වෙත යන්නේ දිනකට තුන් වරක් පමණි.උදෑසනම පාසලට ගිය විගසම බෑගය තැබීම සඳහා පන්තියට යයි.නැවත කෑම කෑමට  intervel එකට පන්තිය වෙත යන අතර නැවත යන්නේ පාසල නිමා වූ පසු බෑගය ගැනීම සඳහාය.අනෙක් වෙලාවට media unit , drama practice , science society , scout meetings ........කරන්නට වැඩ බොහෝ තිබුණි.
                                                      මේ period cut කිරීමට ලෙඩේ දමන ලද ගුරුවරුන්ද බොහෝ විය. ගණිතය ගුරුතුමා විසින් කිහිපවරක්ම අපේ බෑග් රැගෙනගොස් විදුහල්පතිතුමාගේ කාමරයේ තබා තිබුණි. එසේ වූ විට බෑගය ඉල්ලාගනු ලැබුවේ එතුමාට නොවදිනා වැදුම් වැදීමෙන් අනතුරුවය. කෙසේවෙතත් අඩන මූඩ් එක ඔන් කරගෙන රටේ නැති බොරු ගොඩාක් කීම මගින් එතුමාගේ හිත උණුකරගතහැකි බව අපි හොදාකාරවම දැන සිටියෙමු. අපගේ බොරු අසා බේරීම වූ තැන "උඹල හැමදාම කියන්නේ ඔය බොරුවනේ , හෙට එනකොට ගෙදරින් එක්කන් ඇවිත් බෑග් එක අරගනින් " ලෙසද කියා ඇත. එවිට වෙන බොරුවක් කෙසේ හෝ හදාගෙන බෑග් එක ඉල්ලාගනියි.මේවා ගෙදරට ආරංචි උනොත්නම් ඉතිං වසලා හමාරය.ඇත්තටම එකළ පංතියේ සිටීම මාරම කම්මැලි වැඩක් වූ අතර පංතියේ සිටීමට වේලාවක්ද අපිට නොතිබුණේය.එතරම් විශාල බාහිර වැඩ ප්‍රමාණයක් අප එම කාළය තුළ කරන ලදී.කෙසේවෙතත් පංතිභාර ගුරුතුමිය නොපැමිණි දවසටනම් අනිවාර්යෙන්ම අපි නම් ලකුණු කරන වෙලාවටද පංතියේ රැදී සිටින්නෙමු.මන්දයත් එදාට වෙනත් කව්රු හෝ ගුරුවරයෙක් නම් ලකුණු කිරීමට පැමිණෙන බැවින් අප පංතියේ නොසිටියහොත් නිසැකවම අපේ නම් වලට බින්දුව වැටෙන නිසාවෙනි.මෙලෙස අපේ ගුරුතුමිය නොපැමිණි දිනක පාසලට අලුතින් පැමිණි ගුරුවරියක් නම් ලකුණු කිරීම සඳහා අප පංතියට පැමිණෙන ලදී.
"අඩෝ දමිතය මේ මිස් අපිව අදුරන්නැහැනේ බන් අපි මිස්ට පොඩි බයිටක් දෙමුද?"
"හා .. හා .. මොකද්ද බන්?"
"උඹේ නම කියවෙන්න කලින් මට චුට්ටක් කියපන් මං උඹේ නමට present කියන්නම් උඹ මගේ නමට present කියන්නම්."
"හා .. හා.. එල එල "
                                                      අප කරන්නාවූ හොද හෝ නරක ඕනෑම වැඩකට බොක්කෙන්ම සප් එල දෙන යාළුවන් පිරිසක් එකලද සිටියහ.එක ළඟ වාඩි වී සිටි අය set එකක්ම එක එකාගේ නම් මාරු කරගෙන present කීමට පටන්ගත්හ.මේ වැඩේ දැක පංතියේ සිටි අනිත් ළමුන්ට සිනහව නතර කරගැනීමට නොහැකිවිය.බොහෝ අමාරුවෙන් සිනහව තද කරගෙන සිටියද ඉදහිට එකෙක් දෙන්නෙක්ගේ සිනහව එලිටයට පැන්නාහ.නම් ලකුණු කරන වෙලාවේ තැනින් තැන ඇසුණු සිනහ හඩ අලුතින් පැමිණි ගුරුවරියට ප්‍රේහේලිකාවක් විය.
"මොකද ළමයි මේ හිනාවෙන්නේ?"
"නෑ ........මුකුත්.... නෑ ....... මිස් "
                               කෙසේ වෙතත් අනිත් ළමුන් මෙසේ නොකලද එම ගුරුතුමිය නම් ලකුණු කිරීමට පැමිණි හැම දිනකම අප දෙදෙනා මෙම සෙල්ලම සිදු කළහ. එය කෙතරම දුර දිග ගියේද කියතොත් අප පාසලින් ඉවත්වන තෙක්ම එම ගුරුතුමිය මට දමිත කියාත් දමිතට රමේෂ් කියාත් ඇමතීම සිදුකරනලදී.
                     ඒ කාලයේ දමන ලද සෙල්ලම් දැන් ඔට්ටු නැතිසෙයකි. දැන් අපි A/L කරන වැඩිහිටි උගත් බුද්ධිමත් ළමයින් වෙමු.නම් ලකුණුකර අවසන්කරනලද ගුරුතුමා මට වැඩක්ද භාරදුන්නේය.
"රමේෂ්,ඉඩ තියන වෙලාවක මේ record book එකේ ළමයින්ගේ නම් list එක ලියල තියනවද? "
"හා.....සර් " මමද හිස සලා එම කාර්යය භාරගතිමි.
"භාරගත්තනම් තෝ තනියම ලියපිය.ඔන්න මටනම් කියන් එපා help කරන්න කියල."
"මොකද්ද බන් උඹ ඉතිං මගේ බොක්කනේ අපි මේක සහයෝගයෙන් කරමු."
                         එදින physics ගුරුතුමා පැමිණ නැති බව දැනගන්නට ලැබුනේය."ඇති යන්තම් දැන් ඉතිං ඒ period දෙකේ සින්දුවක් කියාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්. ආහ් මොන සින්දුද ඉතිං record boook එක ලියන්න තියනවනේ."
"අඩෝ මේ දමිතය වරෙන්කො බන් මේ නම්ටික ලියන්න ."
"අනේ බන් උඹ භාරගත්තනම් උඹ ලියපන්කො මොන වදයක්ද,"
"මං භාරගත්තේ නෑ යකෝ මට භාරදුන්නනේ ,මං ඉතිං බෑ කියන්නද?"
"ඔව් තොට බෑ කියන්නනේ තිබුණේ "
"ආහ් .. උඹත් වැඩක් ලැබුනම වරෙන්කො මගෙන් උදව් ඉල්ලගෙන , අනේ බන් මේ register එකේ තියන නම්ටික කියවගෙන පලයන් මං ලියන්නම්."
"හා හා කෝ දීපන් එහෙනම් උඹේ මලවදේ "
                       පංතියේ ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටි මම දොර අතරින් අප පන්තිය දෙසට පියනගන  pure ගුරුතුමාගේ චායාව දුටුවෙමි."හත්තිලව්වයි මූට මේ period දෙක releaf දාලද කොහෙද දැන් ඉතිං හදපන්කෝ ගණන් "අප සිතූ පරිදි එය එලෙසටම විය.releaf එකකට ආවත් එම වෙලාව ඉවරවෙන තුරුම ගණන් හැදවීම ඔහුගේ සිරිතයි.පංතියට ගොඩවැදුණු සැණින්ම ඔහු සෑදීම සඳහා ගණන් දෙකක් board එකේ දමන ලදී.පොතේ ගාන ලියාගත් මම කරමින් සිටි කාර්යය දිගටම කරගෙන ගියෙමි.අප සර්ගේ ටියුෂන් පන්තියටද යන නිසා සර් අප සමඟ ෂේප්ය. නමුත් සර්ගේ පංති නොයනා අයෙක් වරදක් කර අසුවුවහොත් ඔහුට බොහෝ දඬුවම් ලැබීමට සිදුවිය.releaf එකක් සඳහා පැමිණියද record boook එක අත්සන් කිරීම ප්‍රධානතම කාර්‍යයක් වූ නිසාදෝ සර් record boook එක සොයන්නටවිය.පංතියේ ඉදිරිපස පේලියේ වාඩිවී සිටි මා ළඟ record boook එක තිබෙනු සර් දුටුවේය.
"රමේෂ් , මොකද්ද මොකද්ද ඔය record boook එක තියාගෙන කරන්නේ?"
"සර්....මේ.... කටුවැඩ කරන්න ගත්තේ සර් " නොදැනුවත්වම මගේ කටින් එලියට පනිනලද එම වචනයට සර්ටද බකස් ගා සිනහ යනු මම දුටුවෙමි.
"ආහ් කටුවැඩ කරන්නේ record boook එකේද? හා..හා..."
සර් ගියපසු දමිත මා සමඟ කථාවට වැටුණි.


"අඩෝ අර කෙල්ල එදත් මං දිහා බලාගෙන හිටිය බන් "
"මොන කෙල්ලද බන්?"
"අර හසිනි බන් මං උඹට කිව්වේ ,අපේ physics class එකට එන කෙල්ල බන් "
"ආ. ඒ කෙල්ලද?"
මූට කෙල්ලෙක්ට හිත ගොස් මට මල වදේය.කොයි වෙලාවෙත් ඕක ගැනම කියවයි.මොනවා කරන්නද ඉතිං ඌටත් මේවා කියන්න වෙන කව්රුත් නැහැනේ .හොඳම යාළුවා නිසා මා මේ සියල්ල අසා සිටිය යුතුය.
"දැන් ඒකි උඹට කැමතියි වගේද?"
"ඔව් බන් නැත්නම් ඒකි කොයි වෙලාවෙත් මගේ දිහා බලන් ඉදියිද?"
මූ කියන්නේ ඇත්තය ඒකි කොයි වෙලේත් මූ දිහා බලාගත්ත ගමන්මය. try කරහොත් වැඩේ ගොඩදාගැනීමට නොහැකි නොවනු ඇත.
"මං කියන්නද ,උඹ ඒකිගෙන් කෙලින්ම අහපන් "
"මම???? අනේ බෑ බන් "
"ඔව් ඉතිං උඹ නැතුව උඹේ කෙල්ලගෙන් මං කැමතිද අහන්නද?"
"ඔව් බන් උඹ අහපන් "
"මොන රෙද්දක්ද යකෝ මං ගිහින් මට කැමතිද අහන්නද?"
"නෑ බන් උඹ ඒකිගෙන් අහපන් මට කැමතිද කියල "
"මොන ලැජ්ජනැති වැඩක්ද යකෝ ඒ, ඒකි හිතයි උඹට කොන්දක් නෑ කියල "
"ඔව් ඉතිං මට කොන්දක් නැහැනේ බන් "
"හරි බන් ඉතිං ඒක උඹයි මායි දැනගත්තට ඒකි දන්නෙ නැහැනේ."
"අනේ බන් උඹ අහපන්කෝ "
         මේ යකාගේ මල වදෙන් බේරීමක් නැත.මූට අපිටනම් ඕනදෙයක් කිවහැකිය.අනිත් උන් ඉස්සරහ මාව නෝන්ඩි කිරීමට මූට කිසි බියක් නැත.කෙල්ලන්ට උසුළු විසුළු කිරීමටද class එන කෙල්ලන්ට අනං මනං කීමටද මූට කිසි බියක් නැත.නමුත් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇසීමට මූට ධෛර්යයක් නැත.
"යකෝ තොට කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම බලන් ඉන්දැද්දී කෙල්ලොන්ට අනං මනං කියවන්නනම් පුළුවන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න තමයි බැරි "
"ඒ වගේ නෙමෙයි බන් මේක ,අනං මනං කියවන කෙල්ලන්ට මං ආදරේ නැහැනේ , ආදරේ කරන කෙල්ලට ආදරේ කියන්න මට බයයි බන් "
"මොන මගුලක්ද? එහෙනම් උඹ ඕක අමතක කරලා දාපන් .කියන්න බැරිනම් "
"අනේ බන් එහෙම කියන එපා බන් මට උදව් කරපංකෝ "
"මොන රෙද්දක්ද , හා එහෙනම් මෙහෙම කරමු ඒකි class ඉවරවෙලා බස් එකට නගිනවනේ එතකොට මං ඒකි ළඟට ගිහින් කියන්නම් මෙයාට ඔයත් එක්ක කථා කරන්න ඕන කියල.එතකොට උඹ හිතේ තියන දේවල් ඔක්කොම ඒකිට කියපන් "
"අනේ බන් ,එහෙම කමක් නැද්ද? මගේ හිතේ තියන දේවල් ඔක්කොම ඒකිට කිව්වොත් රට්ටු මං ගැන මොනවා හිතයිද?"
"රට්ටු දන්නවා උඹ කුප්පය කියල ,ඒකට කමක් නෑ උඹ හිතේ තියන දේවල් ඔක්කොම කියපන්."
"එහෙම කමක් නැද්ද බන්?"
"කමක් නෑ කමක් නෑ කියපන් "
"අනේ බන් මට බයයි බන් "
"රෙද්ද බය නොවී කියපන් "
බොහම අමාරුවෙන් වැඩේ කෙරෙන විදියකට දමිතව කැමති කරගන්නා ලදී.එදා physics class දිනය විය.class එක ඉවර වුන පසු ඇය ගෙදර යාම සඳහා බසයට ගොඩවෙන ලදී.අපි දෙදෙනාද වහාම එම බසයටම ගොඩ වුනෙමු.කෙමෙන් කෙමෙන් ඇය සිටි තැනටද කිට්ටු වීමු. ඇය අප දෙස හොරෙන් හොරෙන් බලයි.මෙම අවස්ථාව උදා වනතෙක් ඇය බලා සිටියා වැනිය.ටික වේලාවක් බලා සිටි මම ඇයට කථා කළෙමි.
"හසිනි, මෙයාට ඔයාට මොනවද කියන්න තියනවලු." මගේ දිහා ලැජ්ජාවෙන් මෙන් හෙමිහිට බැලූ ඇය 
"කෝ , කාටද අනේ?" හත්තිලව්වයි කෝ යකෝ මගේ ගාව හිටපු දමිතයා ? මූ කොහේ මකබෑවුනාද, නොද්දකින් විතරක් මේ වගේ යාළුවෝ . මෙහෙම යාළුවොනම් හතුරෙකුටවත් ලැබෙන්න එපා දෙයියනේ. මූ හින්ද මං හැමදාම කෙල්ලෝ ඉස්සරහ නෝන්ඩි වෙනවා.
"නෑ ......මේ....වෙන කාටවත් නෙවෙයි අනේ මට මට. මට ඔයාට දෙයක් කියන්න තියනවා."මම කටහඬ අවදි කළෙමි.
"ආ .. මොකද්ද අනේ .. ඉතිං කියන්නකෝ " ඇය ලජ්ජාවෙන් මෙන් බිම බලාගෙන පිලිතුරුදෙන ලදී.
"මේ.....මේ......හැමදාම බස් එකේ හොරට යන්නේ නැතුව අදවත් ටිකට් ගන්නකො."

                         *********************************


මා හසිනි සමඟ කථා කරන මොහොතේ දමිතයා පිටුපසට ගොස් සෙනග අතර සැඟවී ඇත.
"මොකද්ද යකෝ ඒ කරපු කුප්ප වැඩේ? මං උඹට උදව් කරන්න ඇවිත් අර කෙල්ලෝ ඉස්සරහ නිකන් නෝන්ඩි උනානේ."
"අනේ බන් සොරි බන් , මට බය හිතුන බන් ."
"අනේ තොගේ @#%%^  &**&%$  "



9 comments:

  1. මදැයි යාළුවට සපෝට් කරන්න ගියා.. :D

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඉල්ලන් කෑවා වගේ

      Delete
  2. සපෝට් කිරිල්ලේ අතීතය නම් මගේ සෑහෙන්න දිගයි ඒ කාලේ..

    ReplyDelete
    Replies
    1. අතීතය ගැන ටිකක් දාමු එහෙනම් බ්ලොග් එකේ

      Delete
  3. adoooooooo matath oya wage wadaka una ban....ekenma........patta seen ekak une......O/L karana kale ekath une...kellekta yalwek try kara...anthime kellata katha karala serama mage una...anthime aru baya wela pissu keliyane........ e kale mathak karata godak thanks machan..... pattai......meke thiyana widiyatama mamath panthiyen panala thiyanawa neh.......

    ReplyDelete